Visit Count

page counter

Thursday 17 October 2019

ඖෂධීය ශාක වර්ග 18 ක්


01.තොටිල


දිය සීරාව  ඇති තැන්හි වැවෙන ගස් වෙ‍සෙසෙකි. කොළ දිගින් අඟල් 6 ක් පමණද පළලින් 31/2ක් පමණ ද වෙයි. ඇතුළත කහපාට ලොකු කහ පාට මල් හට ගනී.මලෙහි පිට පැත්ත  හා මොට්ටු දම් පාටින් යුතුයි. දිග කරල් හට ගනී.වා, පිත්, සෙම්, උණ , ආමාවාත , කැස්ස, වමන , අතීසාර සුව කරයි; බඩගිනි වඩයි; මල වියළීම කරයි.පණු රෝග නසයි; ශීතලයි; කසටයි; තිත්තයි.


02.පළොල්

රත් පළොල් ඵල පළොල් යනුවෙන් දෙ වර්ගයෙකි.කොළ දිගින් අඟල් 7ක් පමණ ද පළලින් අඟල් 4ක් පමණ ද වේ.උෂ්ණයි; බරයි; වමන හික්කා නසයි, සෙම් රෝග වාත රෝග නසයි.ඉදිමුම් නැති  කරයි; ලේ දොස් නසයි; දාහය නැති කරයි. හෘදයට හිතයි.

03.ඇද්දෙමට

සෑම පළාතෙකම වැවේ. කොළ අඟල් 61/2 ක් පමණ  දිගින් හා අඟල් 5 ½ ක් පමණ පළලින් යුතුයි.කොළ වල පිටි පැත්ත කහපාටින් යුතුයි.තුන් දොස් නසයි, උණ, දාහ, අර්ශස් නැති කරයි.පණු රෝග , ප්‍රමේහ , ඉදිමුම් සුව කරයි.ආම රුජා ,පිපාස නැති කරයි.

04.බැබිල


හීන් බැබිල , මහ බැබිල ,මහබූ බැබිල , සූළුබූ බැබිල , කොටිකන් බැබිල ,සිරිවැඩි බැබිල, කේසර බැබිල ආදී වශයෙන් වර්ග කිහිපයෙකි.තිත්තයි , බල විර්ය වඩයි, සෙම් රෝග නසයි, විෂ්මජ්වර, ප්‍රමේහ, උණ නසයි, වාතාර්ශස් ගුණ කරයි.





05.බටු
වා, සෙම්, මේද නසයි; බඩගිනි වඩයි; පණු රෝග නසයි,කැස්ස ,ඇදුම , අරුචි පහ කරයි; හෘදයට හිතයි; කුෂ්ඨ, ග්‍රහණි නසයි.දිරවී‍ෙම් පහසුයි.කටුකයි, තිත්තයි, මුල් ඖෂධ සඳහා ද ගෙඩි  ආහාර සඳහා ද ගනු  ලැබේ.

06.කටුවැල්බටු
වියළි කලාපයෙහි හොඳින් වැවෙතත්, වැඩි වශයෙන් ඉන්දියාවෙන් ගෙන්වා ඖෂධ සඳහා යොදා ගනු ලැබේ.උෂ්ණයි, කටුකයි, තිත්තයි, උණ,  හෘද රෝග, අරුචි, අජීර්ණ, රුජා නසයි.

07.අස්වැන්න
සෑම පළාතෙකම වැවෙන අඟලක් පමණ දිගින් හා අඟල් ½ ක් පමණ පළලින් හා යුතු කොළ ඇති ලතා වෙසෙසකි. දම්පාට මල් හා හීන් කරල් හටගනී. ධාතු වඩයි.ප්‍රමේහ ඉදිමුම නසයි. වමන අතීසාර නැති කරයි. උණ සමනය කරයි.

08.පොල්පළා
වාත නාශක හා විෂ නාෂක ගුණයෙන් යුතුයි. රුචිය ඇති කරයි. බඩගිනි වඩයි. තුවාල සුව කරයි. මුත්‍ර වැඩි කර බැහැර කරන  හෙයින් ශරීරයේ ඉදිමුම නැසීමේ ගුනයෙන්ද යුතු වෙයි.

09.මිදි
මහ මිදි, හීන් මිදි  යනුවෙන් වර්ග දෙකෙකි.කොළ අඟල් 4ක් පමණ  දිගින් හා අඟල් 2 1/2 ක් පමණ පළලින් යුතුයි. ඉතා කුඩා කහ පාට මල් හට ගනී. පාන්ඩුව හා වාත රෝග නසයි.අජීර්ණ සුව කරයි.බඩගිනි වඩයි.මල බද්දය නැති කරයි. උෂ්ණයි, තිත්තයි, කටුකයි, ඉදිමුම් සඳහා මුලේ පොතු අඹරා ගෑමෙන් ගුණ ලැබේ.

10.රසකිඳ
වියළි කලාපයෙහි කැලෑබදව ලොකු ගස් වල එතී වැවෙන වැල් වෙසෙසෙකි, රසකිඳ, ගැටකිඳ , දික්කිඳ ආදී වශයෙන් ගැනෙතත්, රස ගුණ ආදීයෙහි වෙනස්කම් ඇතත්, ස‍ියලු වර්ගම ඹෟෂධ වශයෙන් ගනු ලැබේ.
තිත්තයි; කසටයි; ආයු වඩයි; ගිනි වඩයි; තුන් දොස් සමනය කරයි; පාණ්ඩු, ප්‍රමේහ, අජීර්ණ, පණු රෝග කුෂ්ඨ රෝග සුව කරයි.

11.ඉරිවේරිය
මෙම පැළෑටිය බොහෝදෙනා වරද්දා යොදන බව ඇතැමුන්ගේ මතයයි. එහෙත් වැඩි දෙනා ඖෂධීය වශයෙන් යොදා ගන්නා මෙහි ඇති ගුණයෙහි අඩුවෙක් නොපෙනේ. උණ , අතිසාර , අරුචි, වමන , පිපාස, දාහ සුව කරයි, රත්පිත් හෘද රෝග ආදියට ද ගුණ ලැබේ.

12.කෙළිඳ
රතු මල් සහ සුදු මල් ඇති වර්ග දෙ‍ෙකකි.බෙ‍ෙහත් සදහා ගත යුතු සුදු මල් ඇති වර්ගයයි. රතු මල් ඇති වර්ගය විෂ සහිතයි.කොළ අඟල් 5-6 ක් පමණ දගින් ද 2 ½ ක් පමණ පළලින් ද යුතුයි. කසටයි, ශිතලයි, බඩගිනි වඩයි, අර්ශස් , අතීසාර , ආමාවාත, කුෂ්ඨ රෝග සුව කරයි.

13.වෙනිවැල්

ගම්බඳ පළාත්හි වෙනිවැල් බාන්වැල් යනුවෙන් හදුන්වන මෙහි කොළ අඟල් 6 ක් පමණ දිගින් හා අඟල් 5 ක් පමණ පළලින් යුතුය; මල් කහ පැහැයෙන් හා ගෙඩි දුඹුරු පැහැයෙන් යුතු වෙයි.සිහින් කරල් හට ගනී.ධාතු වඩයි; වීර්ය වඩයි; ප්‍රමේහ , ඉදිමුම් නසයි; වමන අතීසාර ගුණ කරයි. අඟල් 5 – 6 ක් පමණ  දිගින් ද 2 ½ ක් පමණ පළලින් ද යුතුයි; කසටයි;}} ශිතලයි; බඩගිනි වඩයි; අර්ශස් , අතීසාර, ආමාවාත, කුෂ්ඨ රෝග සුව කරයි.

14.කරාබු නැටි

කටුකයි, රුචි කරයි; සෙම්, පිත්, ලේ දොස් නසයි; රුජා, හික්කා, හෘද රෝග නසයි.කරාබු නැටි වරකට දිය යුතු ප්‍රමාණය කලං ½ කට වැඩි නොවිය යුතුය.



අප රටේ සෑම පළාතෙකම වාගේ වවාගත හැකි මෙම ඖෂධීය පැළෑටීය වර්ග දෙකක් ලෙස ගැනෙතත් ගුණය අතින් වැඩි වෙනෙසක් නොපෙනේ.එහෙත් අප වැඩි වශයෙන් භාවිතයට ගනු ලබන්නේ ඉන්දියාවෙන් ගෙන්වනු ලබන වලඟසාල් මිස අප රටේ වැවෙන වර්ග නොවේ.ඖෂධ වශයෙන් යොදා ගන්නට පළමු වලඟසාල් මඳක් කබලේ බැද ගන්න. වලඟසාල් උෂ්ණයි, අජීර්ණ,අරුවි, පණු රෝග, ප්‍රමේහ රෝග , හෘද රෝග සුව කරයි.

16.එරඬු

සෑම පළාතකම කලෑබදව වැවෙයි.සුදු රතු වශයෙන් දෙවර්ගයෙකි.මහ එරඬු හීන් එරඬු වශයෙන් ද දෙගොඩකට බෙදේ. කොළ , මුල්සහ ඇට ද , තෙල් ද ඖෂධ වශයෙන් ගැනේ.උෂ්ණයි; කටුකයි; විරේචනයි; හිස රුජා , බඩ පිපුම්, කුෂ්ඨ , ගුල්ම, ප්‍රමේහ,අණ්ඩවෘද්ධි සුව කරයි.

17.වං ඇපල


මෙය බලවත් ඔසු ගුණ අඩංගු පැළෑටියෙකි.පපුවේ ‍‍රෝගා බාද වලට, කැස්සට, පීනසට ගුණදායකයි. සෙංගමාලය, හෘද රෝග ,උණ නසයි. තිත්තයි, කටුකයි, සීතලයි. පාවට්ටා, අගල්ආධාර , ආඩතෝඩ යනුවෙන් ද මෙම පැළෑටිය හඳුන්වනු ලබයි.
















18.අනෝද

අනෝද කොළ දිගින් අඟල් 3ක් පමණ ද පළලින් අඟල් 2 ½ ක් පමණ ද වේ. මල් කහ පාටින් යුතුයි.උෂ්ණයි, කසටයි , වා , සෙම් නසයි ; ඉදිමුම් රුජා නසයි.   

Wednesday 16 October 2019

ආයුර්වේද ප්‍රතිකාර සඳහා නිතර භාවිතා වන ඖෂධීය තෙල් වර්ග අටක්

ආයුර්වේද ප්‍රතිකාර සඳහා නිතර භාවිතා වන ඖෂධීය තෙල් වර්ග අටක්

කෙතරම් නාගරිකව, බටහිර පන්නයට වාසය කළද, සිය ජීවිතයේ කිසියම්ම හෝ දවසක රහසින් හෝ ආයුර්වේද තෙල් වර්ගයකින් සුව සහනය නොලැබූ අයෙකු මෙරටදී සොයා ගැනිම දුෂ්කර වන තරමටම ආයුර්වේද තෙල් වර්ග අපගේ ජීවිතයට සමීප වී තිබේ.
ප්‍රධාන වශයෙන් බාහිර ආලේපය සඳහා යොදාගන්නා මෙම තෙල් වර්ග අභ්‍යන්තරව ආහාරයක් ලෙසත්, පානයක් ලෙසත්, පංචකර්ම චිකිත්සාවේදී නස්නයන් ලෙසත්, අනුපානයන් ලෙසත් යොදාගනී.
ස්වභාවික පරිසරයෙන් උකහා ගන්නා ශාක පස් පංගුවෙන් නිස්සාරණය කරගන්නා යුෂ, කල්ක, කෂාය පොල්තෙල්, එළඟිතෙල් හෝ වෙනත් තෙල් වර්ග මුසු කර පදමට කකාරවා ගැනීමෙන් ආයුර්වේදීය තෙල් වර්ග නිෂ්පාදනය කෙරේ.
නිරන්තරයෙන් භාවිතා වන ආයුර්වේදීය තෛල වර්ග අතරින් කිහිපයක් පිළිබඳව සිළුමිණ පාඨකයා මූලිකව දැනුම්වත් කිරීම මෙම ලිපියේ අරමුණයි.

1.නීල්‍යාදී තෛලය

සුලභව භාවිතා වන ආයුර්වේද තෙල් වර්ගයක් වන මෙය හිස ගැල්වීම සඳහා භාවිතා කරයි. හිසෙහි සහ හිස්කබලේ ඇති වන රෝග සඳහාත්, හිසකෙස් වැඩීම පිණිසත්, අකලට හිසකෙස් සුදු වීම වැනි තත්වයන් වැළැක්වීම පිණිසත් භාවිතා කරන නීල්‍යාදී තෛලය කාන්තා පාර්ශ්වයේ ජනප්‍රිය තේරීමකි.
කෝඨාරක ප්‍රදාහය හෙවත් මිග්‍රේන් තත්වයන්ට ඖෂධයක් ලෙසද, ශීර්ෂ සම්බාහනය සඳහාද බහුලව යොදාගන්නා මෙම තෙල හිස් ගැල්වීමෙන් මානසික ආතතිය දුරු කරන අතර, මනස සැහැල්ලු කරයි. එසේම වෛද්‍ය නිර්දේශයන් අනුව තැලීම්, තුවාල සහ දේශිය කැඩුම් බිදුම් ප්‍රතිකාරවලදීද නීල්‍යාදී තෙල භාවිතා කෙරේ.
මදටිය සහ අංකෙන්ද කොළ ප්‍රධාන වශයෙන්ද වැල්කැප්පෙටියා, නිල්අවරිය සහ දියහබරල පත්‍ර වල යුෂ යොදාගනිමින් නීල්‍යාදී තෛලයය නිෂෟපාදනය කෙරේ.

2.සීතෝදක තෛලය

අමුකහ, කොහොඹ කොළ සහ හාතාවාරිය අල ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන සිඳගන්නා සීතෝදක තෛලය ප්‍රධාන වශයෙන් බාහිරව ඇති වන තුවාල සඳහා ප්‍රතිකාරයක් ලෙස යොදාගනී. පිළිස්සුම් තුවාල වලදීද ප්‍රතිකාරයක් ලෙස යොදාගත හැකිය. පැරණි තුවාල වලට මෙන්ම ඒ මොහොතේ සිදුවූ තුවාල වලටත් සීතෝදක තෛලයය එක ලෙසම භාවිතා කළ හැකිය.
සීතෝදක තෛලය ගැල්වීම මඟින් තුවාල මත විෂබීජ ඇත්නම් ඒවා විනාශ කරන අතර ආසාදනයට ලක්වූ පටක සහ සම වේගයෙන් ප්‍රකෘති තත්වයට පත්කිරීම ද සිදුවේ.
හුමාලයෙන් පිළිස්සීම ඇතුළු ගෙදර දොරේ කටයුතුවලදී නිතර සිදුවන අනතුරු සඳහා ක්ෂණිකවම යොදාගත හැකි බැවින් නිවසේ ගබඩා කොට තැබිය යුතු ප්‍රථමාධාරයක් ලෙස සීතෝදක තෛලය වැදගත්ය.

3.නිශාදී තෛලය

අධික සෙම් ගතියෙන් පීඩා විඳින්නන්ටත්, පීනස් රෝගීන්ටත් හිස ගැල්වීම සඳහා නිතර භාවිතයට ගත හැකි ආයුර්වේද තෙල් වර්ගයකි. කිවිසුම් යෑම, සෙම් සොටු ගැලීම, සෙම නිසා ඇති වන හිසරදය වැනි තත්වයන්වලදී හිසේ ගැල්විමෙන් සහනය ලබාගත හැකිය.
වෛද්‍ය උපදෙස් මත රෝහලකදී සිදු වන ශීර්ෂ සම්බාහනයේදී සහ නස්‍ය කර්මවලදී නිශාදී තෛලය බහුලව භාවිතා කෙරේ.
මීතෙල් සහ තල තෙල් යොදාගෙන සිඳගන්නා නිශාදී තෙල සඳහා අමුද්‍රව්‍ය ලෙස අමුකහ, මුකුණුවැන්න සහ කිකිරිඳිය යුෂ යොදා ගනී.

4.ශූලහර තෛලය

වේදනා නාශකයක් ලෙස බාවිතා කළ හැකි තෙලකි. ශුලහර තෙල ආලේප කිරීමෙන් ශරීරයේ ඇති වන ඕනෑම ආකාරයක සන්ධිගත වේදනාවක්, ඉදිමුමක් පාලනය කර ඉක්මන් සහනය සලසා ගත හැකිය. හිරීවැටීම් නිසා ඇතිවන අසහනකාරී තත්වයන් වළක්වාලයි. විශේෂයෙන් ආමවාත රෝගීන්ගේ සන්ධිගත වේදනාද, කැඩුම්බිඳුම් රෝගීන්ගේ අස්ථි ආශ්‍රිත වේදනාද කෙටි වේලාවක් තුළ සමනය කරයි.
වාතවේදනාවන් සහ වැටීම්, තැළීම්, උළුක්කු, අවසන්ධි වීම් නිසා ශරීරයේ ඇති වන වේදනාවන්ට වෛද්‍ය උපදෙස් මත භාවිතා කළ හැකිය. තැවිලි ප්‍රතිකාර, අභංග අවස්ථා, ධූම ප්‍රතිකාර ආදියේදී බහුලව යොදාගන්නා තෙලකි.
අබතෙල්, වේලාකොළ සහ වණ්ඩුකපුරු යොදාගනිමින් සිඳගන්නා ශූලහර තෛලය නිවසේ බෙහෙත් රාක්කයට අත්‍යාවශ්‍යම තෙල් වර්ගයකි.

5.ත්‍රිඵලා තෛලය

ආයුර්වේදයේ ප්‍රචලිතම ඔසු තෙවගක් වන අරළු, බුළු, නෙල්ලි පොදුවේ හඳුන්වන්නේ ත්‍රිඵල් නමිනි. එම ඖෂධ යුෂවලට අමතරව තලතෙල් යොදාගෙන සිඳගන්නා ත්‍රිඵලා තෙල් හිසට සහ ශරීරයට එකසේ ගැල්විය හැකි තෙලකි. නේත්‍ර රෝගවලදී පුරවලියම් යෙදීමටද, කර්ණ රෝගවලදී කර්ණ පූර්ණ ප්‍රතිකාරවලටද, සියලුම ශීර්ෂ රෝග සඳහා හිස ගැල්වීමට ද සුදුසු ත්‍රිඵලා තෛලය වටිනා ඔසුවකි.
කුඩා ළදරුවන්ට පවා භාවිතා කළ හැකි සැහැල්ලු තෙලකි. හිස ආශ්‍රිත රුධිර නාල ප්‍රාණවත් කර ස්නායු පෝෂණය කරයි. හිසකෙස් රෝග, නේත්‍ර රෝග, නාසා සහ කර්ණ රෝග වලදී නිසැකවම යොදාගනි.
සමට යටින් තැන්පත් වන අනවශ්‍ය මේද කොටස් දිය කර හැරීමේ හැකියාවද ත්‍රිඵලා තෙල සතු ගුණාංගයකි. තැවිලි ප්‍රතිකාර, ධූම ප්‍රතිකාර සහ ශ්වේද ප්‍රතිකාර සඳහා යොදාගනී.

6.රත තෛලය

අලුත උපන් දරුවන් සඳහා යෝග්‍ය තෙල් වර්ගයකි. ඔවුන්ගේ සමේ මතු වන රතගෙඩි, රත බිබිලි, පලු සහ තුවාල වලදී ප්‍රතිකාර ලෙස රත තෙල බහුලව යොදාගනී. අලුත උපන් රුවන්ගේ අභ්‍යංග අවස්ථාවන්වලදීද භාවිතා කරයි. එසේම වැඩිහිටියෙකුගේ හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ළදරුවන්ගේ හිසේ ගැල්වීමටද සුදුසුය.
කප්පරවල්ලිය, බැමිතිරිය, උඳුපියළිය වදමල් සහ රත්මල් මූලික වශයෙන් යොදා තැඹිලි තෙලෙන් සිඳගන්නා රත තෙලට තවත් බොහෝ ශාකයන් වල යුෂ යොදාගනී.
රත තෙල වැඩිහිටියන්ටද භාවිතා කළ හැකිය. හිස සහ සම සිසිල් කරයි. විෂබීජ නාශනය කරයි. සමේ රෝග වළකයි. තුවාල ආදිය වේළීම ඉක්මන් කරයි. වැඩුණු දරුවන්ගේ බුද්ධිය වර්ධනය කරයි.

7.නිර්ගුණ්ඩ්‍යාදී තෛලය

නිකකොළ, ඉඟුරු, කලුදුරු, සූදුරු දේවදාර මූලිකව තවත් ඖෂධ ගණනාවක යුෂ යොදාගෙන තල තෙලෙන් සිඳ ගන්නා ඖෂධීය තෙලකි. හිසේ ඇති වන තීව්‍ර වේදනාවන් ඉක්මන් සුවය අරමුණු කර යොදාගත හැකි තෙලකි.
නිර්ගුණ්ඩ්‍යාදී තෛලය රූක්ෂ තෙලක් ලෙස සැලකෙන අතර, හිස අභ්‍යන්තර කෝඨාරක තුළ තැන්පත්ව ඇති සෙම් කොටස් ඉවත් කිරීමේ හැකියාව ඊට ඇත. ඒ අනුව නස්‍ය කර්මයට සහ හිස සම්බාහනයට වෛද්‍ය අපදෙස් මත යොදාගනී. ඉදිමුම් නැසීමටත්, තැවිලි ප්‍රතිකාර, අභංග අවස්ථා, ධූම ප්‍රතිකාර ආදියේදීත් බහුලව යොදාගන්නා තෙලකි.

8.කාශිශාද්‍ය තෛලය

ලිංගික දෝෂ තත්වයන්වලදී ප්‍රතිකාර පිණිස ස්ත්‍රි/පුරුෂ දෙපාර්ශ්වයටම භාවිතා කළ හැකි ඖෂධිය තෙල් වර්ගයකි. අහිතකර සහ කෘතිම ආහාර නිසාත්, මිත්‍යා විහරණයන් නිසාත්, අනිසි ඖෂධ භාවිතය නිසාත් හීන වී යන ලිංගික ශක්තිය සහ රුචිය වැඩීම පිණිස කාශිශාද්‍ය තෛලය යොදා ප්‍රතිකාර කෙරේ.
අවයව වර්ධනයටත්, සාඵල්‍යතාවය වර්ධනයටත් ප්‍රතිකාර පිණිස යොදාගනි. තනිව බාහිර ආලේපයක් ලෙස යොදාගන්නවා වෙනුවට, සාධනීය ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නම් අභ්‍යන්තර ඖෂධ සමඟ යොදාගත යුතුය.
අමුක්කරා, ගජ තිප්පිළි, ලොත්සුඹුල් ආදිය යොදා නිපදවන මෙම තෙල වෙනත් නම්වලින් වාණිජ අරමුණු වෙනුවෙන් අලෙවි කරන අවස්ථාද හමුවේ.

සිංහල බෙහෙතින් රෝග සුවවීම ප්‍රමාදවෙනවාද ?



සිංහල බෙහෙතින් රෝග සුවවීම ප්‍රමාදවෙනවාද ?



රෝගීවීම අප කාටත් පොදු දෙයකි. එවන් අවස්ථාවක අප උත්සහ දරන්නේ කුමන හෝ ක්‍රමයකින් රෝගයෙන් අපට ඇති වී තිබෙන පීඩාවන් අවම කරගන්නටය. අප ඒ සඳහා තෝරාගන්නා දේ ඇතැම්විට විධිමත් විය හැකි අතර ඇතැම් විටක අවිධිමත් විය හැකිය. කෙසේ නමුත් දැන් දැන් බොහෝ දෙනා සිංහල බෙහෙත් ගැන උනන්දුවක් දක්වන අතර  ඇතමුන් තමන්ගේ නොදන්නාකම නිසාම සිංහල බෙහෙතින් ඇතිවන ප්‍රතිඵල  අවතක්සේරු කර කඩාකප්පල් කිරීමට උත්සහ දැරීමක්ද දැකිය හැකිය. සිංහල බෙහෙත් සහ ආයුර්වේදය යනු එකක් ද, මේ ඇතමෙක් නගන පැනයකි. ආයුර්වේදය යනු අප රටේ බිහිවූවක් නොව ඉන්දියාවෙන් අපට ලැබුන ප්‍රතිකාර ක්‍රමවේදයකි. නමුත් හෙළ වෙදකම යනු බුද්ධදාස රජ සමයේ පටන් මෙදියත පැවති ප්‍රතිකාර ක්‍රමවේදයකි. ඇතමුන් පවසන සිංහල වෙදකමෙන් රෝග සුවය ප්‍රමාදයක් පවතීද යන්න විමසීමට අද අප හෙල ඔසු( https://slhelaosu.blogspot.com/?m=1)පිටුව තුළින් උත්සහ දරමු.

මිනිසාට ඇතිවන ව්‍යාදීන් මුලිනුපුටා දැමීමට අවැසි ඖෂධ සකස්කිරීම සිදුවනුයේ ස්වභාව දහම තුළ නිපදවෙන දේ භාවිතයෙනි. ජලය යනු අප කවුරුත්  පිළිනොගත්තත් හොඳ ඖෂධයකි. නමුත් ජලය නිෂ්පාදනය කළ කෙනෙකු අපට හමුනොවේ. සිංහල වෙදකම ලෙස අප අරුත් ගන්වන්නේ ස්වභාව දහම තුළ අපට ඇති සම්පත් භාවිතය තුළින් අප, අපට ඇතිවන ව්‍යාධීන් සුව කර ගැනීමේ විද්‍යාවයි. මෙය මිනිසා පමණක් නොව සතා සීපාවාද දන්නා වෙදකමකි. ඔබේ නිවසේ ඇතිකරන බළලා කුප්පමේනියා ගසක මුල, ඌගේ බඩේ ඇතිවන ආබාධයට ගුණ බව දන්නේ අලුතින් වෙදකම ඉගෙන ගෙන නොවේ. සුනඛයා කලාඳුරු ගසක පත්‍ර තම උදරාබාධයට අනුභව කරනුයේ වෙදකම ඉගෙන ගෙන නොවේ. මෙසේ සත්ත්ව ලෝකයේ ඇති ප්‍රතිකාර ක්‍රමද බොහෝය. සිංහල වෙදකම අනුව සතා සීපාවාටද වෙදකම් කළ බව අප බුද්ධදාස රජතුමා නයෙකුගේ බඩ පලා බෙහෙත් ගල්වා සුව පත් කළ කතාව තුළින්  අසා ඇත. එසේ නම් අද ශල්‍යකර්ම ලෙස හඳුන්වන ක්‍රියාව සිංහල වෙදකමේත් නැතිනම් හෙළ වෙදකමේත් තිබුණ බව බැහැර කරන්නට නොහැකිය. ආයුර්වේදයේද ශල්‍ය ලෙස වෙන් කෙරුණු කොටසක් පවතී.  වෙදකම කුමක් වුවත් එයින් සිදුවිය යුත්තේ රෝග සුවයයි.

අදවන විට සකස් කළ බෙහෙත් වර්ග වෙළඳ පොල ආක්‍රමණය කර තිබෙන වග ඔබ දනී. අසවල් රෝගය මේ අරිෂ්ටයෙන් පැණියෙන් සුව වේ යැයි කියන දැන්වීම් බොහෝය. නමුත් ලේබලයේ සඳහන් ඖෂධ සියල්ල එහි අඩංගුද?  නිසි ප්‍රමිතියට ඒ බෙහෙත් සකසා තිබේද, එය වගකීමක් ඇති වෛද්‍යවරයෙකුගේ නිෂ්පාදනයක්ද යන්න සොයා බැලෙන ක්‍රමවේදයක් නීතිගතව නොපැවතීම හේතුවෙන් සිංහල බෙහෙත් මුවාවෙන් වෙළඳ පොළට පැමිණෙන නිකම්ම නිකම් නමට පමණක් වූ ද්‍රව්‍ය පැවතිය හැකිය. මෙය දියවැඩියාව  ( මධුමේහය) ට ප්‍රත්‍යක්ෂය, මෙය ගැස්ට්‍රයිටිස් ( අම්ල පිත්ත රෝගය) රෝගයට ප්‍රත්‍යක්ෂය ආදී වශයෙන් ලේබල් කළ නිසි වගකීමකින් තොර නිෂ්පාදන වෙළඳ පොල පුරා සැරිසරයි. තමන්ට ඇති රෝග සඳහා ඔබ සිංහල වෙදකම නමින් මිලට ගන්නේ එසේ වගකීමක් නැති ඖෂධ නම් ඒවා කෙතෙක් කල් පානය කළත් ලෙඩ රෝග සුවයක් නොව නැති ලෙඩ ඇතිවීමක් විය හැකිය.එය සිංහල වෙදකමේ හෝ ආයුර්වේදයේ වරදක් නොවේ. ඉංග්‍රීසි වෙදකමේ වෛද්‍යවරයාගේ වට්ටෝරුවක් නොමැතිව ඖෂධ ලබා නොදුන්නත් සිංහල බෙහෙත් බඩු වෙළඳ සැලක වීදුරු කබඩ් තුළ පුරවා තිබෙන ඇතැම් ඖෂධ නමින් නම්කර ඇති සංයෝග තම හිතුමතයේ ගැනීමට කිසිදු බාධාවක්. නැත. මේවායේ ප්‍රමිතිය පිළිබඳ ගැටලු පවතින නිසා තමන් සුවයක් නොලද බව කියන අයද බොහෝය. සිංහල ක්‍රමය නැතිනම් ආයුර්වේදය අනුව මිනිස් සිරුර වා පිත් සෙම් නැතිනම් ත්‍රිදෝෂ අනුව හටගන්නා ව්‍යාදීන් පිළිබඳ හැඳින්වීමක් කරයි. ඇතමෙකුගේ සිරුර වාතය අධිකය. තවකෙකුගේ සිරුර සෙම් අධිකය. අනෙක් කෙනෙකු ගේ සිරුර පිත් අධික එකක් විය හැකිවා මෙන්ම වාතය අධික සිරුරකට පිත කිපීමෙන් හා සෙම කිපීමෙන් හටගන්නා රෝගයක් වැළඳෙන්නට ඇති ඉඩ කඩ අමතක කළ යුතු නොවේ.

මේ නිසා වෙදකම නොදන්නා අය තනිවම ඹෟෂධ නියම කරගැනීම බටහිර හෝ සිංහල හෝ ඕනෑම වෙදකමක් අනුව භයානකය.කෙනෙකුට ඇත්තේ කෙබඳු සිරුරක්ද යන්න නිර්ණය කරන්නට වෙද මහතෙකු නම් නාඩි පරීක්ෂාවක් සිදුකරනු ඇත. නාඩි අනුව කෙනෙකු ගොදුරුව ඇති රෝගය කුමන තත්ත්වයක්ද එය සමනය කිරීමට කුමක් කළ යුතුද යන්න තීරණය කිරීමට උගත් වෛද්‍යවරයෙකුට හැකියාව තිබේ. (ව්‍යෛ නිර්දේශය මත සකස් කළ ඖෂධයක් භාවිතය වරදක් නොවේ. එවිට වෛද්‍යවරයා එය නිර්දේශ කරනුයේ එම නිෂ්පාදය යොදා ගත් අත්දැකීම් මතය.) සෙම් අධික සිරුරකට වාතය කිපීමෙන් රෝගයක් හටගෙන ඇතිනම් ඒ තත්ත්වයන් දෙකම සමනය වන සේ ඖෂධ යෙදවීම වෛද්‍යවරයාගේ කාරියයි. පුවත්පතක පළ වූ බෙහෙත් පංති, රූපවාහිනී  වැඩසටහනක කියූ බෙහෙත් පංතිවලින් තමන්ගේ රෝගවලට සුවයක් අත් නොවුනේ ඇයිදැයි සිතන ඔබට කිව හැකි වනුයේ  ඔබ ඔබම තීරණය කර බෙහෙත් බීම ඔබේ වකුගඩුවලට අනවශ්‍ය කරදරයක් කරන ක්‍රියාවක් බවයි. ඔබ බටහිර බෙහෙත් බීවත් සිංහල බෙහෙත් බීවත් ඔබේ වකුගඩුවට කිසිදු බේධයක් නැත .ඒවායින් සිරුරට එකතුවුණ දෑ වකුගඩුව විසින් පෙරනු ලබන්නේ මේවා මොන වෙදකමේද යන්න විමසමින් නොවේ. වකුගඩුවට අනවශ්‍ය ක්‍රියාකාරිත්වයක් ඇති කිරීමේ ප්‍රතිඵලය වනුයේ වකුගඩු රෝගවීම විය හැකි බව මතක තබාගන්න. සමහරු විසින් වකුගඩු රෝගීවීමේ වරද පටවනුයේ අර්ෂ්ට වර්ග වලටය. කිසිම ඖෂධයක් තවත් රෝගයක් ඇතිකිරීම සඳහා නිපදවන්නේ නැති බව මතක තබා ගන්න. අනිසි බාවිතය තුලින් සිරිරට හානි පමුණුවා ගැනීම නවතා ගත හැකිවන්නේ තමන්ටමය.


ලේබලය මත දක්වා ඇති කරුණු අනුව ඔබ බෙහෙත් තෝරාගන්නවා නම් ලේබල් වෛද්‍යවරයා පරීක්ෂාවකින් තොරව නියම කළ ඒ ඖෂධය ඇතැම් විට ඔබට විෂ වන්නටද ඉඩ තිබේ. ඒ නිසා ලේබල් වෛද්‍යවරයා හැමවිටම නොසලකා හරින්න. ඔබට යම් ආබාධයක් පවතී නම් පාරම්පරික හෝ කුමන හෝ අයුරකින් වෙදකම දන්නා රෝගීන් නිබඳවම සුවපත් කිරීමේ ඥාණයක් ඇති හැකියාවක් ඇති පළපුරුද්දක් ඇති නාඩි බලා රෝග නිර්ණය කිරීමට වෙද ඥාණයක් ඇති වෛද්‍යවරයෙකු තෝරාගන්න.සමහරු ස්වල්ප වශයෙන් ඖෂධ ලබාදෙනවාට කැමති නැත. නමුත් එළවළුවක් කිලෝ එකක ප්‍රමාණයෙන් පිසීමේදී එයට ලුණු කිලෝ භාගයක් පමණ නොදමන බව සිතන්න. ලුණු අඩංගුකරනුයේ තේ හැඳි වලින් මිස කිලෝ වලින් නොවුණත් රසයට එයින් බාධාවක් නොවේ. රසය විකෘතිවනුයේ වැඩිපුර යොදන විටය. හෙළ වෙදකමෙන් රෝග සුවයට ඖෂධ පමණක් ප්‍රමාණවත් නොවේ. වෛද්‍යවරයා ඔබේ රෝගය බලපා ඇති හේතුව හැඳින එම තත්ත්වයන් සමනය කරගත හැකි ආහාර පාන සහ ඇවතුම් පැවතුම් පිළිබඳ පැහැදිලි කිරීමක් කරනු ඇත. ආතරයිටිස් නැතිනම් අස්ථි පර්වදාහය යනුවෙන් හඳුන්වන රෝග තත්ත්වයේදී බොහෝ දෙනා අස්ථිවල පෝෂණය ගැන සිතා ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් ප්‍රෝටීන් සහ යකඩ ලබා ගැනීමෙන් අස්ථි වේදනා තුනී කර ගැනීමට කල්පනා කරයි.

කඩල වැනි ධාන්‍ය වැඩිපුර ආහාරයට එක් කර ගනී, නමුත් ආතරයිටිස් රෝගියා කඩල ආහාරයට ගැනීම සුවය සඳහා වස කෑමක් හා සමාන විය හැකි වන්නේ වාතය ඇවිස්සීම අධික, විය හැකි  කඩල ආහාරයෙන් රෝගයේ වේදනාව වඩාත් දැඩි විය හැකි බැවිණි. එවිට වාතය සමනය සඳහා ප්‍රතිකාර ලබාදී ඇති විට ඒ ප්‍රතිකාර ලබා ගනිමින් වාතය අධිකවන ආහාර ලබා ගැනීමෙන් රෝගය උත්සන්න විය හැකිය. එවිට බොහෝ දෙනා ඇඟිල්ල දිගු කරනුයේ බෙහෙත්වලට විය හැකිය. එවන් අවස්ථාවක ඒ වරද බැරවෙන්නේ ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරයාට හෝ වෙදකමට වීම නිරන්තරයෙන් දැකිය හැකි තත්ත්වයකි. මේ නිසා වෛද්‍ය නියමය ඉක්මවා නොයන්නට හැම විටම වග බලා ගන්න. තවත් සමහරු  ඇල්වතුර භාවිතය නවතන්නට උපදෙස් ලැබුණ විට නිතර වතුර උණු කළ නොහැකි යැයි පවසා ඉඳ හිට උණුවතුරත් වැඩි පුර ඇල්වතුරත් භාවිතා කර වෙද මහතාගේ ප්‍රතිකාරවලින් ගුණයක් නැති බවත් වේදනාව වැඩි වූ බවත් පවසන්නට ඉඩ තිබේ. මේ නිසා ඕනෑම ප්‍රතිකාර ක්‍රමවේදයක් අනුගමනය කරද්දී වෛද්‍ය නියමය ඉක්මවා නොයන්නට වගබලා ගන්න.

නියම කරන අනුපාන, නියම කරන ප්‍රමාණ, නියම කරන වේල් ගණන ,පත්‍ය අපත්‍ය ආහාර ,හෙද කම මේ සියල්ල නිසියාකාරව පවත්වාගෙන ඔබ වෛද්‍ය කර්මයක පිහිට පතනවා නම් රෝගයක සුවය ස්ථීරය. ඇතැම් වෛද්‍යවරු ඇතැම් රෝග සුවපත් කිරීමට නම් දරා සිටිය හැකිය.  එහි අදහස ඔහු දන්නේ එම රෝගය පමණක් සුවපත් කිරීම යන්න නොවේ. කඩුපුල් මල් ව්‍යාපාරය ලෙසින් අප ගමින් ගමට බෝ නොවෙන රෝග සුවපත් කරමින් යන ගමනේදී දියවැඩියාව,  රුධිර පීඩනය, ආතරයිටිස්, සෙම, හතිය, හෘදයාබාධ පමණක් සඳහා රෝගීන්ට ප්‍රමුඛතාවයක් දෙන්නේ නැත. පංච කර්ම යැයි කියූ විට ඕනෑම ව්‍යාධියකට ප්‍රත්‍යක්ෂ වෙදකම් දැනීමක් වෛද්‍යවරයෙකු සතුව පවතින නිසා වෛද්‍යවරයා සුවපත්කරවන රෝගීන් එක් අංශයකින් වැඩි බවක් දැක්වූ පමණින් ඔහුට සුව කළ හැක්කේ එම රෝග පමණකැයි සිතීමෙන් වළකින්න.වෙදකම ප්‍රගුණ කළ තැනැත්තාට ඕනෑම රෝගයකට ප්‍රතිකාර ලෙස තමන් සෑදූ ප්‍රතිකාර පංතියක් තිබිය යුතුය.අනුන් සකස් කළ ඖෂධවලින් තම වෙදකම කිරීමට උත්සහ දැරීම තුළ යම් යම් ගැටලු පැවතිය හැකිවන්නේ වෛද්‍යවරයා කොතරම් දක්ෂ වුවත් පෙර කී ඖෂධ නිෂ්පාදකයා ඒවා නිෂ්පාදනය සඳහා යොදාගන්නා ඖෂධ මත  ඒ වෙදකම සාර්ථක අසාර්ථක බව පෙන්විය හැකි බැවිණි.
https://slhelaosu.blogspot.com/

ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා කියන්නේ නිට්ටාවටම ගැලවෙන්න පුළුවන් අපූරු බෙහෙතක්

ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා කියන්නේ නිට්ටාවටම ගැලවෙන්න පුළුවන් අපූරු බෙහෙතක්

ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා කියන්නේ නිට්ටාවටම ගැලවෙන්න පුළුවන් අපූරු බෙහෙතක්


ර්තමානයේ ගැස්ට්‍රයිටිස් අපි හැමෝම පුච්චන ගැටළුවක් වෙලා. අධික පීඩනය, වැඩ අධික බව හා ආහාර රටාවන් ඊට හුඟක්ම හේතු වෙනවා. ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා වැනි දේශීය පැළෑටියකින් ගුණයක් ඇත්දැයි ඔබට සක ඇති. 
නමුත් ගැස්ට්‍රයිටිස් හැදුනොත් ඉන් ඔබට හුඟක් පීඩාවන්ට මුහුණ දෙන්න වෙනවා. මේ ලිපියෙන් ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ ඇයි කියලා කතා කරනවට වඩා එයින් ගැලවෙන්න මගක් ඔබට කියන්න අපි හිතුවා
ඇත්තටම මේ කතාව අපිට කිව්වේ අම්මා කෙනෙක්මයි. ඇය නුවන්ති පෙරේරා.
දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්. දරුවන් දෙදෙනාම එක ළඟ ලැබුන නිසා ඇයට හුඟක් වැඩ වැඩි වුණා. නිතරම ඇය දරුවන්ගේ වැඩ වෙනුවෙන් ඇගේ වැඩ ප්‍රමාද කළා.
අන්තිමේදී නිතර හිසරදය, වමනය ගතිය වගේම බඩ පිච්චෙනවා වගේ ඇයට දැනෙන්න ගත්තා. නිතර හිසරදය ඇගේ ජීවිතයට ලොකු කරදරයක් වුණ නිසාම ඇය වෛද්‍යවරයෙක් හමුවෙන්න ගියා.
ඇයට වැළඳී ඇත්තේ ගැස්ට්‍රයිටිස් නැතිනම් අම්ල පිත්ත රෝගය බව පැවසුනා. වෛද්‍ය ප්‍රතිකාර වලින් ඇයට නිට්ටාවටම සුවයක් ලැබුනේ නැහැ. වරින් වර එය ඉස්මතු වුණා.
මේ ගැන ඇය මට කිව්වා. තවත් කිහිප දෙනෙකුටම මම කෝමාරිකා වලින් ගෙදරදීම හදාගන්න මේ බෙහෙත ගැන කියලා ඔවුන් මට හුඟක් ස්තූති කළා.
ඒවගේම ඇය මට කියපු කෝමාරිකා වලින් හදාගන්න මේ පහසු ලෙහෙසි බෙහෙත කියන්නම්.
ඔබ නිතර පීනස හා සෙම් රෝග ඇති අයෙක් නම් උදෑසන මේ බෙහෙත ගන්න යන්න එපා. එය දහවල් කාලයේ ගැනීම හොඳයි.
ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා
කෝමාරිකා ඉතා පහසුවෙන් ගෙදරදීම වවාගන්න පුළුවන් ශාකයක්. ඔබ තට්ටු නිවසක, නිවසේ මිදුලක් නැති ගෙදරක හිටියත් කෝමාරිකා පැළයක් පෝච්චියක සරුවට වවා ගන්න පුළුවන්. කෝමාරිකා වල ඇති සිසිල් ගුණය තුවාල සුව කරන නිසා එමගින් ඇඟ නිවීමක් ඇති කරනවා.
කෝමාරිකා ලොව පුරා හිසේ සිට දෙපතුල් දක්වාම යොදාගන්නා විශ්මිත ආලේපනයක්.
ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා නිට්ටාවටම සුව  ගෙන දෙන්නේ කොහොමද?
කෝමාරිකා ගසකින් ගන්නා එක කොළයක් ඔබට වාර කිහිපයක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්.

පළමු පියවර

ගසින් වෙන්කර ගත් කෝමාරිකා පත්‍රයේ දෙපැත්තේ ඇති කටු සහිත තීරු දෙක කපා ඉවත්කරගන්න.

දෙවන පියවර


ඉන්පසුව කොළ පැහැති පොත්ත පිහියකින් ඉවත් කරගන්න. මෙම පොත්තේ කොළ පැහැය හැකි තරම් ඉවත් කර ගැනීම හොඳයි. එහි අගුණයක් නැත්ත අමිහිරි රසයක් ඇතිවීමට හැකියාව වැළකෙනවා.

තුන්වන පියවර

ඉන්පසුව ඔබට ජෙලි වැනි කැබලි දකින්න ලැබෙනවා. කුඩා භාජනයකට එම කැබලි කපා දමාගන්න. වරකට කැබලි කිහිපයක් ප්‍රමාණවත් නිසා ඉතිරිය නැවත ප්‍රයෝජනයට ඔබට ශීතකරණයේ වුනත් දමාගන්න පුළුවන්. 

හතරවන පියවර

ඉන්පසුව ඔබ බොන තේ කෝප්පයකට සුදු කිරි එකක් හදාගෙන එයට කෝමාරිකා මද ටික එකතු කරන්න.

පස්වන පියවර

කිරිත් සමග කෝමාරිකා උදෑසන හිස් බඩ දින කිහිපයක් පානය කරන්න. බොහෝ විට දින තුනකින් පමණ ඔබට හොඳ සුවයක් ලැබෙන අතර නිට්ටාවටම සුවවන තුරු වරින් වර සිදුකරන්නේ නම් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
ගැස්ට්‍රයිටිස් වලින් ඇතිවන අතුරු 
හෘද රෝග
බඩවැල් වල තුවාල
හිසරදය
වමනය
මෙවැනි රෝග වලින් පීඩා විඳින්න පෙර ගෙදරදීම හදාගන්න පුළුවන් මේ දිව්‍ය ඖෂධයෙන් ගැලවෙන්න පුළුවන්.
අනෙක් අතට ඔබට ගැස්ට්‍රයිටිස් නැතත් මෙය ඔබේ සුවයට ඉතා හොඳ ඇඟ සිසිල් කරන පානයක් වගේ රුව රැකගන්න හිතන හැමෝටමත් අගනා පානයක්.
ඒ වගේම ඔබේ ගෙදර ගෙවත්ත ලස්සන කරගන්න වගේම නිරෝගී බව වැඩිකරගන්නත් කෝමාරිකා පැළයක් ගෙදරදීම වවාගන්න අමතක කරන්න එපා.



.

දරුවන්ගේ සෙම්ප්‍රතිශ්‍යාවට බෙහෙත් තිබේද?: දෙමව්පියන්ට අනතුරු ඇඟවීමක්

GETTY IMAGES

දරුවන්ගේ සෙම්ප්‍රතිශ්‍යාවට බෙහෙත් තිබේද?: දෙමව්පියන්ට අනතුරු ඇඟවීමක්



සාමාන්‍යයෙන් වසරකට හයත් අටත් අතර වාරයක් දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳේ. වැඩිහිටියන් හා සැසඳීමදී දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන වාර ගණන දෙගුණයකට වැඩිය. එහෙත්, නාසයේ බර ගතිය, නාසයෙන් දියර ගැලීම සහ කිවිසුම් යාම වැනි රෝග ලක්ෂණ අවම කර ගැනීමට ප්‍රමාණවත් ක්‍රමෝපායන් පිළිබඳ සාක්ෂි ඉතා අල්පය.
සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට අදාළ රෝග ලක්ෂණවලට සහනය ලැබෙන බව සඳහන් කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යා ඖෂධ සුපිරි වෙළෙඳසල් සහ ඖෂධහල් තුළ දක්නට ලැබේ.
නමුත් එවැනි ඖෂධවලින් නිසි සහනයක් ලැබේදැයි යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව BMJ නමැති වෛද්‍ය සඟරාව අනාවරණය කරයි.
එසේම, සෙම්ප්‍රතිශ්‍යාව සඳහා භාවිත කරන ඇතැම් ඖෂධ ළදරු වියේ දරුවන්ට, ළමුන්ට සහ ගර්භණී කාන්තාවන්ට අහිතකරය.

සෙම්ප්‍රතිශ්‍යාවට ඖෂධ අවශ්‍ය ද?


Getty ImagesImage copyrightGETTY IMAGES

සෙම්ප්‍රතිශ්‍යාව සමග උගුරේ ආබාධ, කැස්ස, නාසය හිර වීම, ශරීර උෂ්ණත්වය ඉහළ යාම සහ කිවිසුම් යාම ඇති විය හැකි වුවත්, සාමාන්‍යයෙන් උපරිම සතියක පමණ කාලයකදී එම සියලු රෝගී තත්ත්වයන් පහව යයි.
"සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සහ ඊට අදාළ රෝග ලක්ෂණ ඇති වන්නේ වෛරස් ආසාදනයන් නිසා. වෛරස්වල ක්‍රියාකාරීත්වය තියෙන්නෙ උපරිම වශයෙන් සතියක පමණ කාලයක්. ඉතින් ඒ වෛරස් ක්‍රියාකාරීත්වය නතර වුණාම ඒ රෝග ලක්ෂණ සියල්ල සුව වෙනවා ඉබේම," පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසයි.
ඔහු පෙන්වා දුන්නේ, "සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඖෂධ මගින් සුව කර ගැනීමට උත්සහ දැරීම අනවශ්‍ය" බවය.
කෙසේ වුවත්, නාසය සිරවීම නිසා දරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතා පවතින අවස්ථාවලදී නාස්පුඩුවලට සේලයින් දියර දැමීම සුදුසුම ප්‍රතිකාරය බව එක්සත් රාජධානියේ ළදරු සහ ළමා සෞඛ්‍යය පිළිබඳ රාජකීය විද්‍යායතනයේ (Royal College of Paediatrics and Child Health) ළමා රෝග විශේෂඥ වෛද්‍ය රාහුල් චෝධාරි පවසයි.
එමගින්, සේලයින්වල අඩංගු ලුණු දියර හේතුවෙන් නාස්පුඩුවේ ශ්ලේෂ්මල ඉවත් වී නාසයේ සිරවීම අඩු වේ.
"සේලයින් නාසයට දැමීමෙන් කිසිම අතුරු විපාකයක් සිදු වන්නේ නැහැ. එය දිනකට කීපවරක් වුණත් පාවිච්චි කළ හැකියි. ඒ වගේ ම නාසයේ බර ගතියට සහ නාසය සිරවීමට එය සුදුසු ප්‍රතිකාරයක් බව තහවුරු කරල තියෙනවා," වෛද්‍ය රාහුල් චෝධාරි පෙන්වා දෙයි.
මේ ගැනත් දැනගන්න:

නොකළ යුත්තේ කුමක්ද?

වෛද්‍යවරුන්ගේ නිර්දේශය වන්නේ, වයස අවුරුදු 12ට අඩු දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව සඳහා විවිධ ඖෂධ ලබා දීම නුසුදුසු බවය. එම ඖෂධ භාවිතයෙන් නිදිමත ස්වභාවය සහ උදරාබාධ ආදී අතුරු විපාක ඇති විය හැකිය.
"මෙම රෝගී තත්ත්වයන්ට ඖෂධ භාවිත කිරීම සුදුසු නැහැ. ඒ වගේම වෛරස් මගින් වැළඳෙන රෝගවලට ඖෂධ ගැනීමෙන් ඵලක් වන්නෙත් නැහැ. ඒ වෛරසයේ ක්‍රියාකාරීත්වය දින කීපයක් පවතිනවා. ඒක නතර කරන්න බැහැ ඖෂධවලින්," වෛද්‍ය චන්න ද සිල්වා පෙන්වා දෙයි.

Channa De SilvaImage copyrightCHANNA DE SILVA
Image captionවෛද්‍ය චන්න ද සිල්වා

මේ අතර, එක්සත් රාජධානියේ ළදරු සහ ළමා සෞඛ්‍යය පිළිබඳ රාජකීය විද්‍යායතනයේ වෛද්‍ය රාහුල් චෝධාරි පවසන්නේ, ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් වෙනත් රෝගී තත්ත්වයන් වර්ධනය වීමේ අවදානමක් ද මතු වන බවය.
"ප්‍රතිජීවක ඖෂධවලින් වෛරස් ක්‍රියාකාරීත්වය පාලනය කරන්න බැහැ. ඒ වගේ ම එවැනි ඖෂධ නිතර භාවිතයෙන් දීර්ඝ කාලීන හිසරදය, නිද්‍රාශීලීත්වය සහ දීර්ඝ කාලීන නාසයේ ආබාධ ඇති විය හැකියි"

දුම් ඇල්ලීම හොඳද?

සාමාන්‍යයෙන් නාසයේ සිරවීමක් පවතින විට අප යොමු වනුයේ, දුම් ඇල්ලීම (steam inhalation) කෙරෙහිය. එයින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබේ දැයි බීබීසී සිංහල සේවය වෛද්‍ය චන්න ද සිල්වා වෙතින් කළ විමසීමේදී, "දුම් ඇල්ලීමෙන් නාසයේ බර ගතිය හෝ නාසය සිරවීම සුව වෙන්නේ නැහැ. ඒ හරහා තාවකාලික සහනයක් පමණයි ලැබෙන්නේ. ඒ වගේම උණුසුම් වාතය නාසයට ඇතුළු වීම හරහා නාසයේ ඇති සියුම් කේෂ නාලිකාවලට බලපෑමක් වෙන්නත් පුළුවන්. විවිධ බාම් වර්ග ආලේප කිරීමත් මෙයට විසඳුමක් නෙවෙයි," යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

SPLImage copyrightSPL
Image caption"විවිධ බාම් වර්ග ආලේප කිරීමත් මෙයට විසඳුමක් නෙවෙයි"

පීනස් රෝගී දරුවන් කළ යුත්තේ කුමක් ද?

"වෛරස් නිසා ඇති වන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට වඩා පාරම්පරික සහ දීර්ඝ කාලීනව පවතින පීනස වැනි නාසය ආශ්‍රිත රෝග තත්ත්වයන් වෙනස්. ඒ නිසා එවැනි රෝග තත්ත්වයන්ට නිසි ප්‍රතිකාර ගත යුතු යි," වෛද්‍ය චන්න ද සිල්වා අවධාරණය කරයි.
"ඒත් එවැනි රෝගී දරුවන්ට ප්‍රතිකාර ගත යුත්තේ සාමාන්‍ය වෛද්‍යවරයෙකුගෙන් නෙවෙයි. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු යි. එහෙම නොවුණොත් දරුවන් පසු කාලීනව විවිධ අතුරු විපාකයන්ට ගොදුරු විය හැකියි," වෛද්‍ය චන්න ද සිල්වා ප්‍රකාශ කළේය.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්



සෙමට අත්බෙහෙත් ගැන කතා කරන්න අපි අද සුදානම්. ඕනෑම රෝගයක් වැඩිවෙන්න නැතුව පාලනය කර ගන්න, නැතිනම් එම රෝගය වළක්වන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? 
ගම් පළාත් වල නම් ඔය පුංචි පුංචි දේවල් වලට අත්බෙහෙත් තියෙනවා.
අත්බෙහෙත් කියන්නේ වෛද්‍යවරයා නිර්දේශ නොකර ඒ ඒ රෝග වලට ගම්වැසියන් ගන්න පුරුදු වෙලා තියෙන පහසුවෙන් සොයා ගන්න පුළුවන් බෙහෙත්. 
මේ අත්බෙහෙත් භාවිතා කර ප්‍රතිඵල අත් විදින එකේ වරදක් නැහැ. 
ඒත් ඔබට ප්‍රබල රෝග ලක්ෂණ පෙන්වනවා නම්, නැතිනම් අත් බෙහෙත් කර සුව කල නොහැකි රෝගයක් නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වීම අවශ්‍ය වෙනවා.
සෙමට අත්බෙහෙත් 
සෙම කියන්නේ අපි හැමෝම අත්විදින කරදරකාරී ලෙඩක්, මේ සෙමට කරන්න පුළුවන් අත්බෙහෙත් මොනවාද කියලා අපි බලමු.
1. සෙමක් හැදෙන බවට මුල් සලකුණු දැනෙද්දී ආච්චි අම්මාගේ කොත්තමල්ලි මුට්ටියක් ලිප උඩ නටන්න ගන්නවා.
සෙම හෙම්බිරිස්සාව හැදෙන්න එනකොට කොත්තමල්ලි ටිකක් බිව්වාහම සෙම හොද වෙනවාලු. සමහරු නම් ඉගුරු කෑල්ලක් ඒකට තලලා දානවා.
කොත්තමල්ලි සෝදලා වේලලා කුඩු කරගන්න. එය පිරිසිදු කරගත් බෝතලයක ගබඩා කර ගන්න.   බබාට සතියට දෙවරක් මේ කොත්තමල්ලි කුඩු තේ හදනවා වගේ හදලා දීමෙන් සෙම් රෝග අඩුකරගන්න පුළුවන්ලු.
2. සෙමට තව ගුණ බෙහෙතක් තමයි ලුණු කියන්නේ, මද රස්නෙට ගත්ත වතුර ටිකකට ලුණු හොදින් කලවම් කරලා උගුර හෝදන්න. සමහරු නම් සෙම කැඩිලා යන්න කියලා මේකටම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරනවා.
3. සෙම් ගෙඩි සදහා අමු ඉගුරු, සුදුලූණු, ගම්මිරිස්, සමව ගෙන දෙහි ඇඹුල් එකතුකර පොට්ටනියක් බැද හක්කේ තබා ගෙන සෙම අරින්න
4. දැඩි සෙමට කළු උක් දඬු යුෂ තේ හැඳි 2 මී පැණි තේ හැඳි 1 එකට දමා උදේ සවස බොන්න
5. කැස්සට ඉඟුරු පෙති 1 ලුණු කැටයක් ගම්මිරිස් ඇට 2ක් එකට සපා කන්න.
6. සෙමට ඇඹුල් දොඩම් තේ හැන්දක ඉස්ම මී පැණි, සීනි සමඟ බොන්න.
7. සෙමට මී පැණි තේ හැන්දක්, නාරාං බික් 3, ඉඟුරු ඉස්ම සහ ලුණු කුඩු ස්වල්පයක් සමඟ මිශ්‍ර කර කන්න
8. පීනස සමඟ සෙමට ඉඟුරු පියළි රතුළූණු ගොටුකොළ දඬු තම්බා බොන්න.
9. පීනස සමඟ සෙමට කහ කුඩු තේ හැඳි 1/2 උණුවතුර කෝප්ප 1/2 ට දමා දියකර බොන්න
10. සෙම්ප්‍රතිශ්‍යව සහිත සෙමට දෙහි කොළ තම්බා දුම් අල්ලන්න
11. සෙම්ප්‍රතිශ්‍යව සහිත සෙමට බෙලි කොළ පාවට්ටා, නික කොළ තම්බා දුම් අල්ලන්න.
මේ ගැනත් සැලකීලිමත්වෙන්න
මේ එදිනෙදා ගෙවල් වල සෙමට භාවිතා වෙන පුංචි අත්බෙහෙත් වර්ග කිහිපයක් විතරයි. 
ඔබ දන්නා මෙවැනි අත් බෙහෙත් ඇති නම් ඔබත් කමෙන්ට් කරන්න.
ඔබට යම් අසාත්මිකතාවයක් ඇත්නම් අත්බෙහෙත්  භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසුයි. 
ඒ වගේම සෙම රෝගය කල් පවතිනවා නම්, වෙනත් රෝග ලක්ෂණ ඇත්නම්,රෝගය උග්‍ර වේ නම් අත්බෙහෙත් කරමින් නොසිට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.



අලුත් අම්මලාට ලස්සන වෙන්න ස්වභාවික සිංහල බෙහෙත් වට්ටෝරු

අලුත් අම්මලාට ලස්සන වෙන්න ස්වභාවික සිංහල බෙහෙත් වට්ටෝරු

අලුත් අම්මලාට ලස්සන වෙන්න ස්වභාවික සිංහල බෙහෙත් වට්ටෝරු


ඟක් වෙලාවට අලුත් අම්මලා වගේම අම්මලා වෙන්න ඉන්න අපේ කාන්තාවන් තමන්ගේ රූපය ගැන අමතක කරනවා. ඒකට ප්‍රධාන හේතුව සමහර රූපලාවන්‍ය ආලේපන මේ කාලයේ නුසුදුසු වීමයි. එත් කිරිදෙන අම්මලාටත්, ගැබ්බර අම්මලාටත් ලස්සනට ඉන්න ස්වභාවික රුව ලස්සන කරන ඖෂධ ගෙදරදීම හදාගන්න පුළුවන්.

එවැනි අතුරු අබාධ නැති ඖෂධ ගණනාවක් ගැන අද අපි කතා කරන්න හිතුවා. මොකද කිරිදෙන හා ගර්භණි කාලයේ අම්මලාට රසායනික ආලේපන හෝ වෙනත් සායනිකව නිෂ්පාදනය කළ ක්‍රීම් වර්ග පාවිච්චිය එතරම් හිතකර වන්නේ නැහැ. ඒ නිසාම වස විස නැති මේ ස්වභාවික ශාකසාර වලින් ලස්සනට ඉන්නත් අතුරු අබාධ වලින් වැළකෙන්නත් ඔබට පුළුවන්.
ගොඩපර
ගොඩපර ගෙඩි හුඟක් වෙලාවට වෙල් යායවල් ආසන්නයේ බහුලව දකින්නට ලැබෙන ගෙඩි විශේෂයක්. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයටත් පාරම්පරික සිංහල වෛද්‍ය ක්‍රමයටත් අනුව හිස්සොරි වලට ගොඩපර ගෙඩියේ යුෂ ඉතා හොඳ ප්‍රතිකාරයක් බව විශ්වාස කරනවා.
ගොඩපර ගෙඩි කිහිපයක් හොඳින් කොටා රෙදි කඩකට එය දමා රෙදිකඩ මගින් පෙරා ගන්න. ඉස්ම හෙවත් යුෂ නානු ආකාරයෙන් හිස් කබලේ ගල්වා මිනිත්තු 15 ක් පමණ තබා සේදීමෙන් හිස්සොරි සමනය වීමත්, කෙස් ගසට නිරෝගී බවත් ලබාදීමත් එය කන්ඩිෂනර් වර්ගයක් ලෙස ක්‍රියා කිරීම නිසා හිසකෙස් වල වියළි බව වළකා අළුත් දිස්නයක් එක් කරනවා. කිරිදෙන සමයේ ඇතිවන හිසකෙස් වල හා හිස් කබලේ වියළි බවට ඔබට මෙය විසඳුමක් වේවි.
තරමක් ශිත ගුණයෙන් යුතු ඖෂධයක් නිසා දේශ ගුණය අනුව හා ශරීර අභ්‍යන්තර ස්වභාවය අනුව ඔබට භාවිතා කිරීමට තෝරා ගන්න.
අලුත් අම්මලාට ලස්සන වෙන්න සිංහල බෙහෙත් වට්ටෝරු
වෙරළු කොළ
වෙරළු ඉතා අගනා පළතුරක් වගේම එහි කොළ ඖෂධීය ගුණ බහුලව තිබෙනවා. ආයුර්වේදයට අනුව හිස්සොරි නැසීමට වෙරළු කොළ යුෂ යොදා ගැනෙනවා. වෙරළු කොළ අවශ්‍ය ප්‍රමාණයට ගෙන කොටා පෙරාගත් යුෂ හිස්කබලේ ආලේප කරගන්න පුළුවන්. සතියකට දෙවරක් පමණ සිදුකිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
අනෙක් අතට කිසිදු විෂ රසායනයකින් තොරව සිදු කරන මෙම ප්‍රතිකාරයෙන් හිසකෙස් වල නිරෝගී බව පවත්වා ගන්නත් පුළුවන්. තරමක් ශිත ගුණයෙන් යුතු ඖෂධයක් නිසා දේශ ගුණය අනුව හා ශරීර අභ්‍යන්තර ස්වභාවය අනුව ඔබට භාවිතා කිරීමට තෝරා ගන්න.
කෝමාරිකා
ලොව පුරා කෝමාරිකා රූපලාවන්‍ය ඖෂධයක් ලෙස භාවිතා කරන අතර කිරිදෙන මව්වරුන්ට සමේ ඇතිවන වියළි බවටත් වෙහෙසකර බවටත් කෝමාරිකා මදය සම මතුපිට ආලේප කිරීම ඉතාම හොඳයි. කාන්තාවන්ගේ අවපැහැ වූ සම නැවත දීප්තිමත් කරගන්නත් කෝමාරිකා හොඳ ආලේපනයක් වෙනවා.
උඳුපියලිය
උඳුපියලිය පුරාතනයේ පටන් ඖෂධ සඳහා යොදාගත් අතර එදා සිට සමේ ඇතිවන වියළි හා කුරුලෑ වලට උඳුපියලිය යුෂ ඉතා ගුණදායක බව පැවසෙනවා. දරු උපතකදී හා උපතට පෙර කාන්තාවන්ගේ හෝර්මෝන වල ඇතිවන වෙනස්කම් නිසා කුරුලෑ බිබිලි ඇතිවන්නට පුළුවන්. උඳුපියලිය කොළ කොටා ගන්නා ලද ඉස්ම බිබිලි හෝ කුරුලෑ මත ආලේප කිරීමෙනුත් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වගේම සමට හොඳ පැහැපත් පෙනුමක්ද ගෙන දෙනවා.
කොහොඹ
කොහොඹ විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරන අතරම සම හා එහි ඇතිවන අසාදන වලට ගුණදායක බව පැවසෙනවා. සමේ ආසාදනයක් ඇතිවුවහොත් මෙම සමය තුළ ඔබට රසායනික ද්‍රවය පාවිච්චිය එතරම් සුදුසු නැති නිසා කොහොඹ කොළ තම්බා ගත් වතුර නාන බේසමකට මුසු කර නෑමටත්, සම පිරිසිදු කිරීමටත් යොදාගන්න පුළුවන්. එය ස්වභාවික පිරිසිදුඛාරකයක් ලෙස ක්‍රියා කරනවා.
දෙළුම් කොළ
දෙළුම් කොළ වලට විෂබීජ නසන ගුණයත් සමට සිසිලසත් ලබාදෙන ගුණයත් ඇති නිසා දෙළුම් කොළ තම්බා ගත් ජලයෙන් සම සේදීම ඉතාම ගුණදායක වෙනවා. කැමති නම් දෙළුම් හා කොහොඹ කොළ එකට මුසු කර තම්බාගත් වතුරෙන් නෑම වුනත් ඉතාම හොඳයි.මෙවැනි ප්‍රතිකාර මගින් කුසේ ඉන්න දරුවාටත් සුවයක් දැනෙන අතර කිසිදු අතුරු ඇති වන්නේ නැහැ.