Visit Count

page counter

Wednesday 16 October 2019

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්



සෙමට අත්බෙහෙත් ගැන කතා කරන්න අපි අද සුදානම්. ඕනෑම රෝගයක් වැඩිවෙන්න නැතුව පාලනය කර ගන්න, නැතිනම් එම රෝගය වළක්වන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? 
ගම් පළාත් වල නම් ඔය පුංචි පුංචි දේවල් වලට අත්බෙහෙත් තියෙනවා.
අත්බෙහෙත් කියන්නේ වෛද්‍යවරයා නිර්දේශ නොකර ඒ ඒ රෝග වලට ගම්වැසියන් ගන්න පුරුදු වෙලා තියෙන පහසුවෙන් සොයා ගන්න පුළුවන් බෙහෙත්. 
මේ අත්බෙහෙත් භාවිතා කර ප්‍රතිඵල අත් විදින එකේ වරදක් නැහැ. 
ඒත් ඔබට ප්‍රබල රෝග ලක්ෂණ පෙන්වනවා නම්, නැතිනම් අත් බෙහෙත් කර සුව කල නොහැකි රෝගයක් නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වීම අවශ්‍ය වෙනවා.
සෙමට අත්බෙහෙත් 
සෙම කියන්නේ අපි හැමෝම අත්විදින කරදරකාරී ලෙඩක්, මේ සෙමට කරන්න පුළුවන් අත්බෙහෙත් මොනවාද කියලා අපි බලමු.
1. සෙමක් හැදෙන බවට මුල් සලකුණු දැනෙද්දී ආච්චි අම්මාගේ කොත්තමල්ලි මුට්ටියක් ලිප උඩ නටන්න ගන්නවා.
සෙම හෙම්බිරිස්සාව හැදෙන්න එනකොට කොත්තමල්ලි ටිකක් බිව්වාහම සෙම හොද වෙනවාලු. සමහරු නම් ඉගුරු කෑල්ලක් ඒකට තලලා දානවා.
කොත්තමල්ලි සෝදලා වේලලා කුඩු කරගන්න. එය පිරිසිදු කරගත් බෝතලයක ගබඩා කර ගන්න.   බබාට සතියට දෙවරක් මේ කොත්තමල්ලි කුඩු තේ හදනවා වගේ හදලා දීමෙන් සෙම් රෝග අඩුකරගන්න පුළුවන්ලු.
2. සෙමට තව ගුණ බෙහෙතක් තමයි ලුණු කියන්නේ, මද රස්නෙට ගත්ත වතුර ටිකකට ලුණු හොදින් කලවම් කරලා උගුර හෝදන්න. සමහරු නම් සෙම කැඩිලා යන්න කියලා මේකටම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරනවා.
3. සෙම් ගෙඩි සදහා අමු ඉගුරු, සුදුලූණු, ගම්මිරිස්, සමව ගෙන දෙහි ඇඹුල් එකතුකර පොට්ටනියක් බැද හක්කේ තබා ගෙන සෙම අරින්න
4. දැඩි සෙමට කළු උක් දඬු යුෂ තේ හැඳි 2 මී පැණි තේ හැඳි 1 එකට දමා උදේ සවස බොන්න
5. කැස්සට ඉඟුරු පෙති 1 ලුණු කැටයක් ගම්මිරිස් ඇට 2ක් එකට සපා කන්න.
6. සෙමට ඇඹුල් දොඩම් තේ හැන්දක ඉස්ම මී පැණි, සීනි සමඟ බොන්න.
7. සෙමට මී පැණි තේ හැන්දක්, නාරාං බික් 3, ඉඟුරු ඉස්ම සහ ලුණු කුඩු ස්වල්පයක් සමඟ මිශ්‍ර කර කන්න
8. පීනස සමඟ සෙමට ඉඟුරු පියළි රතුළූණු ගොටුකොළ දඬු තම්බා බොන්න.
9. පීනස සමඟ සෙමට කහ කුඩු තේ හැඳි 1/2 උණුවතුර කෝප්ප 1/2 ට දමා දියකර බොන්න
10. සෙම්ප්‍රතිශ්‍යව සහිත සෙමට දෙහි කොළ තම්බා දුම් අල්ලන්න
11. සෙම්ප්‍රතිශ්‍යව සහිත සෙමට බෙලි කොළ පාවට්ටා, නික කොළ තම්බා දුම් අල්ලන්න.
මේ ගැනත් සැලකීලිමත්වෙන්න
මේ එදිනෙදා ගෙවල් වල සෙමට භාවිතා වෙන පුංචි අත්බෙහෙත් වර්ග කිහිපයක් විතරයි. 
ඔබ දන්නා මෙවැනි අත් බෙහෙත් ඇති නම් ඔබත් කමෙන්ට් කරන්න.
ඔබට යම් අසාත්මිකතාවයක් ඇත්නම් අත්බෙහෙත්  භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසුයි. 
ඒ වගේම සෙම රෝගය කල් පවතිනවා නම්, වෙනත් රෝග ලක්ෂණ ඇත්නම්,රෝගය උග්‍ර වේ නම් අත්බෙහෙත් කරමින් නොසිට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.



No comments:

Post a Comment