Visit Count

page counter

Wednesday 16 October 2019

අලුත් අම්මලාට ලස්සන වෙන්න ස්වභාවික සිංහල බෙහෙත් වට්ටෝරු

අලුත් අම්මලාට ලස්සන වෙන්න ස්වභාවික සිංහල බෙහෙත් වට්ටෝරු

අලුත් අම්මලාට ලස්සන වෙන්න ස්වභාවික සිංහල බෙහෙත් වට්ටෝරු


ඟක් වෙලාවට අලුත් අම්මලා වගේම අම්මලා වෙන්න ඉන්න අපේ කාන්තාවන් තමන්ගේ රූපය ගැන අමතක කරනවා. ඒකට ප්‍රධාන හේතුව සමහර රූපලාවන්‍ය ආලේපන මේ කාලයේ නුසුදුසු වීමයි. එත් කිරිදෙන අම්මලාටත්, ගැබ්බර අම්මලාටත් ලස්සනට ඉන්න ස්වභාවික රුව ලස්සන කරන ඖෂධ ගෙදරදීම හදාගන්න පුළුවන්.

එවැනි අතුරු අබාධ නැති ඖෂධ ගණනාවක් ගැන අද අපි කතා කරන්න හිතුවා. මොකද කිරිදෙන හා ගර්භණි කාලයේ අම්මලාට රසායනික ආලේපන හෝ වෙනත් සායනිකව නිෂ්පාදනය කළ ක්‍රීම් වර්ග පාවිච්චිය එතරම් හිතකර වන්නේ නැහැ. ඒ නිසාම වස විස නැති මේ ස්වභාවික ශාකසාර වලින් ලස්සනට ඉන්නත් අතුරු අබාධ වලින් වැළකෙන්නත් ඔබට පුළුවන්.
ගොඩපර
ගොඩපර ගෙඩි හුඟක් වෙලාවට වෙල් යායවල් ආසන්නයේ බහුලව දකින්නට ලැබෙන ගෙඩි විශේෂයක්. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයටත් පාරම්පරික සිංහල වෛද්‍ය ක්‍රමයටත් අනුව හිස්සොරි වලට ගොඩපර ගෙඩියේ යුෂ ඉතා හොඳ ප්‍රතිකාරයක් බව විශ්වාස කරනවා.
ගොඩපර ගෙඩි කිහිපයක් හොඳින් කොටා රෙදි කඩකට එය දමා රෙදිකඩ මගින් පෙරා ගන්න. ඉස්ම හෙවත් යුෂ නානු ආකාරයෙන් හිස් කබලේ ගල්වා මිනිත්තු 15 ක් පමණ තබා සේදීමෙන් හිස්සොරි සමනය වීමත්, කෙස් ගසට නිරෝගී බවත් ලබාදීමත් එය කන්ඩිෂනර් වර්ගයක් ලෙස ක්‍රියා කිරීම නිසා හිසකෙස් වල වියළි බව වළකා අළුත් දිස්නයක් එක් කරනවා. කිරිදෙන සමයේ ඇතිවන හිසකෙස් වල හා හිස් කබලේ වියළි බවට ඔබට මෙය විසඳුමක් වේවි.
තරමක් ශිත ගුණයෙන් යුතු ඖෂධයක් නිසා දේශ ගුණය අනුව හා ශරීර අභ්‍යන්තර ස්වභාවය අනුව ඔබට භාවිතා කිරීමට තෝරා ගන්න.
අලුත් අම්මලාට ලස්සන වෙන්න සිංහල බෙහෙත් වට්ටෝරු
වෙරළු කොළ
වෙරළු ඉතා අගනා පළතුරක් වගේම එහි කොළ ඖෂධීය ගුණ බහුලව තිබෙනවා. ආයුර්වේදයට අනුව හිස්සොරි නැසීමට වෙරළු කොළ යුෂ යොදා ගැනෙනවා. වෙරළු කොළ අවශ්‍ය ප්‍රමාණයට ගෙන කොටා පෙරාගත් යුෂ හිස්කබලේ ආලේප කරගන්න පුළුවන්. සතියකට දෙවරක් පමණ සිදුකිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
අනෙක් අතට කිසිදු විෂ රසායනයකින් තොරව සිදු කරන මෙම ප්‍රතිකාරයෙන් හිසකෙස් වල නිරෝගී බව පවත්වා ගන්නත් පුළුවන්. තරමක් ශිත ගුණයෙන් යුතු ඖෂධයක් නිසා දේශ ගුණය අනුව හා ශරීර අභ්‍යන්තර ස්වභාවය අනුව ඔබට භාවිතා කිරීමට තෝරා ගන්න.
කෝමාරිකා
ලොව පුරා කෝමාරිකා රූපලාවන්‍ය ඖෂධයක් ලෙස භාවිතා කරන අතර කිරිදෙන මව්වරුන්ට සමේ ඇතිවන වියළි බවටත් වෙහෙසකර බවටත් කෝමාරිකා මදය සම මතුපිට ආලේප කිරීම ඉතාම හොඳයි. කාන්තාවන්ගේ අවපැහැ වූ සම නැවත දීප්තිමත් කරගන්නත් කෝමාරිකා හොඳ ආලේපනයක් වෙනවා.
උඳුපියලිය
උඳුපියලිය පුරාතනයේ පටන් ඖෂධ සඳහා යොදාගත් අතර එදා සිට සමේ ඇතිවන වියළි හා කුරුලෑ වලට උඳුපියලිය යුෂ ඉතා ගුණදායක බව පැවසෙනවා. දරු උපතකදී හා උපතට පෙර කාන්තාවන්ගේ හෝර්මෝන වල ඇතිවන වෙනස්කම් නිසා කුරුලෑ බිබිලි ඇතිවන්නට පුළුවන්. උඳුපියලිය කොළ කොටා ගන්නා ලද ඉස්ම බිබිලි හෝ කුරුලෑ මත ආලේප කිරීමෙනුත් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වගේම සමට හොඳ පැහැපත් පෙනුමක්ද ගෙන දෙනවා.
කොහොඹ
කොහොඹ විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරන අතරම සම හා එහි ඇතිවන අසාදන වලට ගුණදායක බව පැවසෙනවා. සමේ ආසාදනයක් ඇතිවුවහොත් මෙම සමය තුළ ඔබට රසායනික ද්‍රවය පාවිච්චිය එතරම් සුදුසු නැති නිසා කොහොඹ කොළ තම්බා ගත් වතුර නාන බේසමකට මුසු කර නෑමටත්, සම පිරිසිදු කිරීමටත් යොදාගන්න පුළුවන්. එය ස්වභාවික පිරිසිදුඛාරකයක් ලෙස ක්‍රියා කරනවා.
දෙළුම් කොළ
දෙළුම් කොළ වලට විෂබීජ නසන ගුණයත් සමට සිසිලසත් ලබාදෙන ගුණයත් ඇති නිසා දෙළුම් කොළ තම්බා ගත් ජලයෙන් සම සේදීම ඉතාම ගුණදායක වෙනවා. කැමති නම් දෙළුම් හා කොහොඹ කොළ එකට මුසු කර තම්බාගත් වතුරෙන් නෑම වුනත් ඉතාම හොඳයි.මෙවැනි ප්‍රතිකාර මගින් කුසේ ඉන්න දරුවාටත් සුවයක් දැනෙන අතර කිසිදු අතුරු ඇති වන්නේ නැහැ.  





No comments:

Post a Comment