Visit Count

page counter

Wednesday, 16 October 2019

ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා කියන්නේ නිට්ටාවටම ගැලවෙන්න පුළුවන් අපූරු බෙහෙතක්

ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා කියන්නේ නිට්ටාවටම ගැලවෙන්න පුළුවන් අපූරු බෙහෙතක්

ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා කියන්නේ නිට්ටාවටම ගැලවෙන්න පුළුවන් අපූරු බෙහෙතක්


ර්තමානයේ ගැස්ට්‍රයිටිස් අපි හැමෝම පුච්චන ගැටළුවක් වෙලා. අධික පීඩනය, වැඩ අධික බව හා ආහාර රටාවන් ඊට හුඟක්ම හේතු වෙනවා. ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා වැනි දේශීය පැළෑටියකින් ගුණයක් ඇත්දැයි ඔබට සක ඇති. 
නමුත් ගැස්ට්‍රයිටිස් හැදුනොත් ඉන් ඔබට හුඟක් පීඩාවන්ට මුහුණ දෙන්න වෙනවා. මේ ලිපියෙන් ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ ඇයි කියලා කතා කරනවට වඩා එයින් ගැලවෙන්න මගක් ඔබට කියන්න අපි හිතුවා
ඇත්තටම මේ කතාව අපිට කිව්වේ අම්මා කෙනෙක්මයි. ඇය නුවන්ති පෙරේරා.
දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්. දරුවන් දෙදෙනාම එක ළඟ ලැබුන නිසා ඇයට හුඟක් වැඩ වැඩි වුණා. නිතරම ඇය දරුවන්ගේ වැඩ වෙනුවෙන් ඇගේ වැඩ ප්‍රමාද කළා.
අන්තිමේදී නිතර හිසරදය, වමනය ගතිය වගේම බඩ පිච්චෙනවා වගේ ඇයට දැනෙන්න ගත්තා. නිතර හිසරදය ඇගේ ජීවිතයට ලොකු කරදරයක් වුණ නිසාම ඇය වෛද්‍යවරයෙක් හමුවෙන්න ගියා.
ඇයට වැළඳී ඇත්තේ ගැස්ට්‍රයිටිස් නැතිනම් අම්ල පිත්ත රෝගය බව පැවසුනා. වෛද්‍ය ප්‍රතිකාර වලින් ඇයට නිට්ටාවටම සුවයක් ලැබුනේ නැහැ. වරින් වර එය ඉස්මතු වුණා.
මේ ගැන ඇය මට කිව්වා. තවත් කිහිප දෙනෙකුටම මම කෝමාරිකා වලින් ගෙදරදීම හදාගන්න මේ බෙහෙත ගැන කියලා ඔවුන් මට හුඟක් ස්තූති කළා.
ඒවගේම ඇය මට කියපු කෝමාරිකා වලින් හදාගන්න මේ පහසු ලෙහෙසි බෙහෙත කියන්නම්.
ඔබ නිතර පීනස හා සෙම් රෝග ඇති අයෙක් නම් උදෑසන මේ බෙහෙත ගන්න යන්න එපා. එය දහවල් කාලයේ ගැනීම හොඳයි.
ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා
කෝමාරිකා ඉතා පහසුවෙන් ගෙදරදීම වවාගන්න පුළුවන් ශාකයක්. ඔබ තට්ටු නිවසක, නිවසේ මිදුලක් නැති ගෙදරක හිටියත් කෝමාරිකා පැළයක් පෝච්චියක සරුවට වවා ගන්න පුළුවන්. කෝමාරිකා වල ඇති සිසිල් ගුණය තුවාල සුව කරන නිසා එමගින් ඇඟ නිවීමක් ඇති කරනවා.
කෝමාරිකා ලොව පුරා හිසේ සිට දෙපතුල් දක්වාම යොදාගන්නා විශ්මිත ආලේපනයක්.
ගැස්ට්‍රයිටිස් වලට කෝමාරිකා නිට්ටාවටම සුව  ගෙන දෙන්නේ කොහොමද?
කෝමාරිකා ගසකින් ගන්නා එක කොළයක් ඔබට වාර කිහිපයක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්.

පළමු පියවර

ගසින් වෙන්කර ගත් කෝමාරිකා පත්‍රයේ දෙපැත්තේ ඇති කටු සහිත තීරු දෙක කපා ඉවත්කරගන්න.

දෙවන පියවර


ඉන්පසුව කොළ පැහැති පොත්ත පිහියකින් ඉවත් කරගන්න. මෙම පොත්තේ කොළ පැහැය හැකි තරම් ඉවත් කර ගැනීම හොඳයි. එහි අගුණයක් නැත්ත අමිහිරි රසයක් ඇතිවීමට හැකියාව වැළකෙනවා.

තුන්වන පියවර

ඉන්පසුව ඔබට ජෙලි වැනි කැබලි දකින්න ලැබෙනවා. කුඩා භාජනයකට එම කැබලි කපා දමාගන්න. වරකට කැබලි කිහිපයක් ප්‍රමාණවත් නිසා ඉතිරිය නැවත ප්‍රයෝජනයට ඔබට ශීතකරණයේ වුනත් දමාගන්න පුළුවන්. 

හතරවන පියවර

ඉන්පසුව ඔබ බොන තේ කෝප්පයකට සුදු කිරි එකක් හදාගෙන එයට කෝමාරිකා මද ටික එකතු කරන්න.

පස්වන පියවර

කිරිත් සමග කෝමාරිකා උදෑසන හිස් බඩ දින කිහිපයක් පානය කරන්න. බොහෝ විට දින තුනකින් පමණ ඔබට හොඳ සුවයක් ලැබෙන අතර නිට්ටාවටම සුවවන තුරු වරින් වර සිදුකරන්නේ නම් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
ගැස්ට්‍රයිටිස් වලින් ඇතිවන අතුරු 
හෘද රෝග
බඩවැල් වල තුවාල
හිසරදය
වමනය
මෙවැනි රෝග වලින් පීඩා විඳින්න පෙර ගෙදරදීම හදාගන්න පුළුවන් මේ දිව්‍ය ඖෂධයෙන් ගැලවෙන්න පුළුවන්.
අනෙක් අතට ඔබට ගැස්ට්‍රයිටිස් නැතත් මෙය ඔබේ සුවයට ඉතා හොඳ ඇඟ සිසිල් කරන පානයක් වගේ රුව රැකගන්න හිතන හැමෝටමත් අගනා පානයක්.
ඒ වගේම ඔබේ ගෙදර ගෙවත්ත ලස්සන කරගන්න වගේම නිරෝගී බව වැඩිකරගන්නත් කෝමාරිකා පැළයක් ගෙදරදීම වවාගන්න අමතක කරන්න එපා.



.

දරුවන්ගේ සෙම්ප්‍රතිශ්‍යාවට බෙහෙත් තිබේද?: දෙමව්පියන්ට අනතුරු ඇඟවීමක්

GETTY IMAGES

දරුවන්ගේ සෙම්ප්‍රතිශ්‍යාවට බෙහෙත් තිබේද?: දෙමව්පියන්ට අනතුරු ඇඟවීමක්



සාමාන්‍යයෙන් වසරකට හයත් අටත් අතර වාරයක් දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳේ. වැඩිහිටියන් හා සැසඳීමදී දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන වාර ගණන දෙගුණයකට වැඩිය. එහෙත්, නාසයේ බර ගතිය, නාසයෙන් දියර ගැලීම සහ කිවිසුම් යාම වැනි රෝග ලක්ෂණ අවම කර ගැනීමට ප්‍රමාණවත් ක්‍රමෝපායන් පිළිබඳ සාක්ෂි ඉතා අල්පය.
සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට අදාළ රෝග ලක්ෂණවලට සහනය ලැබෙන බව සඳහන් කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යා ඖෂධ සුපිරි වෙළෙඳසල් සහ ඖෂධහල් තුළ දක්නට ලැබේ.
නමුත් එවැනි ඖෂධවලින් නිසි සහනයක් ලැබේදැයි යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව BMJ නමැති වෛද්‍ය සඟරාව අනාවරණය කරයි.
එසේම, සෙම්ප්‍රතිශ්‍යාව සඳහා භාවිත කරන ඇතැම් ඖෂධ ළදරු වියේ දරුවන්ට, ළමුන්ට සහ ගර්භණී කාන්තාවන්ට අහිතකරය.

සෙම්ප්‍රතිශ්‍යාවට ඖෂධ අවශ්‍ය ද?


Getty ImagesImage copyrightGETTY IMAGES

සෙම්ප්‍රතිශ්‍යාව සමග උගුරේ ආබාධ, කැස්ස, නාසය හිර වීම, ශරීර උෂ්ණත්වය ඉහළ යාම සහ කිවිසුම් යාම ඇති විය හැකි වුවත්, සාමාන්‍යයෙන් උපරිම සතියක පමණ කාලයකදී එම සියලු රෝගී තත්ත්වයන් පහව යයි.
"සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සහ ඊට අදාළ රෝග ලක්ෂණ ඇති වන්නේ වෛරස් ආසාදනයන් නිසා. වෛරස්වල ක්‍රියාකාරීත්වය තියෙන්නෙ උපරිම වශයෙන් සතියක පමණ කාලයක්. ඉතින් ඒ වෛරස් ක්‍රියාකාරීත්වය නතර වුණාම ඒ රෝග ලක්ෂණ සියල්ල සුව වෙනවා ඉබේම," පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසයි.
ඔහු පෙන්වා දුන්නේ, "සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඖෂධ මගින් සුව කර ගැනීමට උත්සහ දැරීම අනවශ්‍ය" බවය.
කෙසේ වුවත්, නාසය සිරවීම නිසා දරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතා පවතින අවස්ථාවලදී නාස්පුඩුවලට සේලයින් දියර දැමීම සුදුසුම ප්‍රතිකාරය බව එක්සත් රාජධානියේ ළදරු සහ ළමා සෞඛ්‍යය පිළිබඳ රාජකීය විද්‍යායතනයේ (Royal College of Paediatrics and Child Health) ළමා රෝග විශේෂඥ වෛද්‍ය රාහුල් චෝධාරි පවසයි.
එමගින්, සේලයින්වල අඩංගු ලුණු දියර හේතුවෙන් නාස්පුඩුවේ ශ්ලේෂ්මල ඉවත් වී නාසයේ සිරවීම අඩු වේ.
"සේලයින් නාසයට දැමීමෙන් කිසිම අතුරු විපාකයක් සිදු වන්නේ නැහැ. එය දිනකට කීපවරක් වුණත් පාවිච්චි කළ හැකියි. ඒ වගේ ම නාසයේ බර ගතියට සහ නාසය සිරවීමට එය සුදුසු ප්‍රතිකාරයක් බව තහවුරු කරල තියෙනවා," වෛද්‍ය රාහුල් චෝධාරි පෙන්වා දෙයි.
මේ ගැනත් දැනගන්න:

නොකළ යුත්තේ කුමක්ද?

වෛද්‍යවරුන්ගේ නිර්දේශය වන්නේ, වයස අවුරුදු 12ට අඩු දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව සඳහා විවිධ ඖෂධ ලබා දීම නුසුදුසු බවය. එම ඖෂධ භාවිතයෙන් නිදිමත ස්වභාවය සහ උදරාබාධ ආදී අතුරු විපාක ඇති විය හැකිය.
"මෙම රෝගී තත්ත්වයන්ට ඖෂධ භාවිත කිරීම සුදුසු නැහැ. ඒ වගේම වෛරස් මගින් වැළඳෙන රෝගවලට ඖෂධ ගැනීමෙන් ඵලක් වන්නෙත් නැහැ. ඒ වෛරසයේ ක්‍රියාකාරීත්වය දින කීපයක් පවතිනවා. ඒක නතර කරන්න බැහැ ඖෂධවලින්," වෛද්‍ය චන්න ද සිල්වා පෙන්වා දෙයි.

Channa De SilvaImage copyrightCHANNA DE SILVA
Image captionවෛද්‍ය චන්න ද සිල්වා

මේ අතර, එක්සත් රාජධානියේ ළදරු සහ ළමා සෞඛ්‍යය පිළිබඳ රාජකීය විද්‍යායතනයේ වෛද්‍ය රාහුල් චෝධාරි පවසන්නේ, ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් වෙනත් රෝගී තත්ත්වයන් වර්ධනය වීමේ අවදානමක් ද මතු වන බවය.
"ප්‍රතිජීවක ඖෂධවලින් වෛරස් ක්‍රියාකාරීත්වය පාලනය කරන්න බැහැ. ඒ වගේ ම එවැනි ඖෂධ නිතර භාවිතයෙන් දීර්ඝ කාලීන හිසරදය, නිද්‍රාශීලීත්වය සහ දීර්ඝ කාලීන නාසයේ ආබාධ ඇති විය හැකියි"

දුම් ඇල්ලීම හොඳද?

සාමාන්‍යයෙන් නාසයේ සිරවීමක් පවතින විට අප යොමු වනුයේ, දුම් ඇල්ලීම (steam inhalation) කෙරෙහිය. එයින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබේ දැයි බීබීසී සිංහල සේවය වෛද්‍ය චන්න ද සිල්වා වෙතින් කළ විමසීමේදී, "දුම් ඇල්ලීමෙන් නාසයේ බර ගතිය හෝ නාසය සිරවීම සුව වෙන්නේ නැහැ. ඒ හරහා තාවකාලික සහනයක් පමණයි ලැබෙන්නේ. ඒ වගේම උණුසුම් වාතය නාසයට ඇතුළු වීම හරහා නාසයේ ඇති සියුම් කේෂ නාලිකාවලට බලපෑමක් වෙන්නත් පුළුවන්. විවිධ බාම් වර්ග ආලේප කිරීමත් මෙයට විසඳුමක් නෙවෙයි," යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

SPLImage copyrightSPL
Image caption"විවිධ බාම් වර්ග ආලේප කිරීමත් මෙයට විසඳුමක් නෙවෙයි"

පීනස් රෝගී දරුවන් කළ යුත්තේ කුමක් ද?

"වෛරස් නිසා ඇති වන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට වඩා පාරම්පරික සහ දීර්ඝ කාලීනව පවතින පීනස වැනි නාසය ආශ්‍රිත රෝග තත්ත්වයන් වෙනස්. ඒ නිසා එවැනි රෝග තත්ත්වයන්ට නිසි ප්‍රතිකාර ගත යුතු යි," වෛද්‍ය චන්න ද සිල්වා අවධාරණය කරයි.
"ඒත් එවැනි රෝගී දරුවන්ට ප්‍රතිකාර ගත යුත්තේ සාමාන්‍ය වෛද්‍යවරයෙකුගෙන් නෙවෙයි. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු යි. එහෙම නොවුණොත් දරුවන් පසු කාලීනව විවිධ අතුරු විපාකයන්ට ගොදුරු විය හැකියි," වෛද්‍ය චන්න ද සිල්වා ප්‍රකාශ කළේය.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්



සෙමට අත්බෙහෙත් ගැන කතා කරන්න අපි අද සුදානම්. ඕනෑම රෝගයක් වැඩිවෙන්න නැතුව පාලනය කර ගන්න, නැතිනම් එම රෝගය වළක්වන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? 
ගම් පළාත් වල නම් ඔය පුංචි පුංචි දේවල් වලට අත්බෙහෙත් තියෙනවා.
අත්බෙහෙත් කියන්නේ වෛද්‍යවරයා නිර්දේශ නොකර ඒ ඒ රෝග වලට ගම්වැසියන් ගන්න පුරුදු වෙලා තියෙන පහසුවෙන් සොයා ගන්න පුළුවන් බෙහෙත්. 
මේ අත්බෙහෙත් භාවිතා කර ප්‍රතිඵල අත් විදින එකේ වරදක් නැහැ. 
ඒත් ඔබට ප්‍රබල රෝග ලක්ෂණ පෙන්වනවා නම්, නැතිනම් අත් බෙහෙත් කර සුව කල නොහැකි රෝගයක් නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වීම අවශ්‍ය වෙනවා.
සෙමට අත්බෙහෙත් 
සෙම කියන්නේ අපි හැමෝම අත්විදින කරදරකාරී ලෙඩක්, මේ සෙමට කරන්න පුළුවන් අත්බෙහෙත් මොනවාද කියලා අපි බලමු.
1. සෙමක් හැදෙන බවට මුල් සලකුණු දැනෙද්දී ආච්චි අම්මාගේ කොත්තමල්ලි මුට්ටියක් ලිප උඩ නටන්න ගන්නවා.
සෙම හෙම්බිරිස්සාව හැදෙන්න එනකොට කොත්තමල්ලි ටිකක් බිව්වාහම සෙම හොද වෙනවාලු. සමහරු නම් ඉගුරු කෑල්ලක් ඒකට තලලා දානවා.
කොත්තමල්ලි සෝදලා වේලලා කුඩු කරගන්න. එය පිරිසිදු කරගත් බෝතලයක ගබඩා කර ගන්න.   බබාට සතියට දෙවරක් මේ කොත්තමල්ලි කුඩු තේ හදනවා වගේ හදලා දීමෙන් සෙම් රෝග අඩුකරගන්න පුළුවන්ලු.
2. සෙමට තව ගුණ බෙහෙතක් තමයි ලුණු කියන්නේ, මද රස්නෙට ගත්ත වතුර ටිකකට ලුණු හොදින් කලවම් කරලා උගුර හෝදන්න. සමහරු නම් සෙම කැඩිලා යන්න කියලා මේකටම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරනවා.
3. සෙම් ගෙඩි සදහා අමු ඉගුරු, සුදුලූණු, ගම්මිරිස්, සමව ගෙන දෙහි ඇඹුල් එකතුකර පොට්ටනියක් බැද හක්කේ තබා ගෙන සෙම අරින්න
4. දැඩි සෙමට කළු උක් දඬු යුෂ තේ හැඳි 2 මී පැණි තේ හැඳි 1 එකට දමා උදේ සවස බොන්න
5. කැස්සට ඉඟුරු පෙති 1 ලුණු කැටයක් ගම්මිරිස් ඇට 2ක් එකට සපා කන්න.
6. සෙමට ඇඹුල් දොඩම් තේ හැන්දක ඉස්ම මී පැණි, සීනි සමඟ බොන්න.
7. සෙමට මී පැණි තේ හැන්දක්, නාරාං බික් 3, ඉඟුරු ඉස්ම සහ ලුණු කුඩු ස්වල්පයක් සමඟ මිශ්‍ර කර කන්න
8. පීනස සමඟ සෙමට ඉඟුරු පියළි රතුළූණු ගොටුකොළ දඬු තම්බා බොන්න.
9. පීනස සමඟ සෙමට කහ කුඩු තේ හැඳි 1/2 උණුවතුර කෝප්ප 1/2 ට දමා දියකර බොන්න
10. සෙම්ප්‍රතිශ්‍යව සහිත සෙමට දෙහි කොළ තම්බා දුම් අල්ලන්න
11. සෙම්ප්‍රතිශ්‍යව සහිත සෙමට බෙලි කොළ පාවට්ටා, නික කොළ තම්බා දුම් අල්ලන්න.
මේ ගැනත් සැලකීලිමත්වෙන්න
මේ එදිනෙදා ගෙවල් වල සෙමට භාවිතා වෙන පුංචි අත්බෙහෙත් වර්ග කිහිපයක් විතරයි. 
ඔබ දන්නා මෙවැනි අත් බෙහෙත් ඇති නම් ඔබත් කමෙන්ට් කරන්න.
ඔබට යම් අසාත්මිකතාවයක් ඇත්නම් අත්බෙහෙත්  භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසුයි. 
ඒ වගේම සෙම රෝගය කල් පවතිනවා නම්, වෙනත් රෝග ලක්ෂණ ඇත්නම්,රෝගය උග්‍ර වේ නම් අත්බෙහෙත් කරමින් නොසිට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.



අලුත් අම්මලාට ලස්සන වෙන්න ස්වභාවික සිංහල බෙහෙත් වට්ටෝරු

අලුත් අම්මලාට ලස්සන වෙන්න ස්වභාවික සිංහල බෙහෙත් වට්ටෝරු

අලුත් අම්මලාට ලස්සන වෙන්න ස්වභාවික සිංහල බෙහෙත් වට්ටෝරු


ඟක් වෙලාවට අලුත් අම්මලා වගේම අම්මලා වෙන්න ඉන්න අපේ කාන්තාවන් තමන්ගේ රූපය ගැන අමතක කරනවා. ඒකට ප්‍රධාන හේතුව සමහර රූපලාවන්‍ය ආලේපන මේ කාලයේ නුසුදුසු වීමයි. එත් කිරිදෙන අම්මලාටත්, ගැබ්බර අම්මලාටත් ලස්සනට ඉන්න ස්වභාවික රුව ලස්සන කරන ඖෂධ ගෙදරදීම හදාගන්න පුළුවන්.

එවැනි අතුරු අබාධ නැති ඖෂධ ගණනාවක් ගැන අද අපි කතා කරන්න හිතුවා. මොකද කිරිදෙන හා ගර්භණි කාලයේ අම්මලාට රසායනික ආලේපන හෝ වෙනත් සායනිකව නිෂ්පාදනය කළ ක්‍රීම් වර්ග පාවිච්චිය එතරම් හිතකර වන්නේ නැහැ. ඒ නිසාම වස විස නැති මේ ස්වභාවික ශාකසාර වලින් ලස්සනට ඉන්නත් අතුරු අබාධ වලින් වැළකෙන්නත් ඔබට පුළුවන්.
ගොඩපර
ගොඩපර ගෙඩි හුඟක් වෙලාවට වෙල් යායවල් ආසන්නයේ බහුලව දකින්නට ලැබෙන ගෙඩි විශේෂයක්. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයටත් පාරම්පරික සිංහල වෛද්‍ය ක්‍රමයටත් අනුව හිස්සොරි වලට ගොඩපර ගෙඩියේ යුෂ ඉතා හොඳ ප්‍රතිකාරයක් බව විශ්වාස කරනවා.
ගොඩපර ගෙඩි කිහිපයක් හොඳින් කොටා රෙදි කඩකට එය දමා රෙදිකඩ මගින් පෙරා ගන්න. ඉස්ම හෙවත් යුෂ නානු ආකාරයෙන් හිස් කබලේ ගල්වා මිනිත්තු 15 ක් පමණ තබා සේදීමෙන් හිස්සොරි සමනය වීමත්, කෙස් ගසට නිරෝගී බවත් ලබාදීමත් එය කන්ඩිෂනර් වර්ගයක් ලෙස ක්‍රියා කිරීම නිසා හිසකෙස් වල වියළි බව වළකා අළුත් දිස්නයක් එක් කරනවා. කිරිදෙන සමයේ ඇතිවන හිසකෙස් වල හා හිස් කබලේ වියළි බවට ඔබට මෙය විසඳුමක් වේවි.
තරමක් ශිත ගුණයෙන් යුතු ඖෂධයක් නිසා දේශ ගුණය අනුව හා ශරීර අභ්‍යන්තර ස්වභාවය අනුව ඔබට භාවිතා කිරීමට තෝරා ගන්න.
අලුත් අම්මලාට ලස්සන වෙන්න සිංහල බෙහෙත් වට්ටෝරු
වෙරළු කොළ
වෙරළු ඉතා අගනා පළතුරක් වගේම එහි කොළ ඖෂධීය ගුණ බහුලව තිබෙනවා. ආයුර්වේදයට අනුව හිස්සොරි නැසීමට වෙරළු කොළ යුෂ යොදා ගැනෙනවා. වෙරළු කොළ අවශ්‍ය ප්‍රමාණයට ගෙන කොටා පෙරාගත් යුෂ හිස්කබලේ ආලේප කරගන්න පුළුවන්. සතියකට දෙවරක් පමණ සිදුකිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
අනෙක් අතට කිසිදු විෂ රසායනයකින් තොරව සිදු කරන මෙම ප්‍රතිකාරයෙන් හිසකෙස් වල නිරෝගී බව පවත්වා ගන්නත් පුළුවන්. තරමක් ශිත ගුණයෙන් යුතු ඖෂධයක් නිසා දේශ ගුණය අනුව හා ශරීර අභ්‍යන්තර ස්වභාවය අනුව ඔබට භාවිතා කිරීමට තෝරා ගන්න.
කෝමාරිකා
ලොව පුරා කෝමාරිකා රූපලාවන්‍ය ඖෂධයක් ලෙස භාවිතා කරන අතර කිරිදෙන මව්වරුන්ට සමේ ඇතිවන වියළි බවටත් වෙහෙසකර බවටත් කෝමාරිකා මදය සම මතුපිට ආලේප කිරීම ඉතාම හොඳයි. කාන්තාවන්ගේ අවපැහැ වූ සම නැවත දීප්තිමත් කරගන්නත් කෝමාරිකා හොඳ ආලේපනයක් වෙනවා.
උඳුපියලිය
උඳුපියලිය පුරාතනයේ පටන් ඖෂධ සඳහා යොදාගත් අතර එදා සිට සමේ ඇතිවන වියළි හා කුරුලෑ වලට උඳුපියලිය යුෂ ඉතා ගුණදායක බව පැවසෙනවා. දරු උපතකදී හා උපතට පෙර කාන්තාවන්ගේ හෝර්මෝන වල ඇතිවන වෙනස්කම් නිසා කුරුලෑ බිබිලි ඇතිවන්නට පුළුවන්. උඳුපියලිය කොළ කොටා ගන්නා ලද ඉස්ම බිබිලි හෝ කුරුලෑ මත ආලේප කිරීමෙනුත් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වගේම සමට හොඳ පැහැපත් පෙනුමක්ද ගෙන දෙනවා.
කොහොඹ
කොහොඹ විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරන අතරම සම හා එහි ඇතිවන අසාදන වලට ගුණදායක බව පැවසෙනවා. සමේ ආසාදනයක් ඇතිවුවහොත් මෙම සමය තුළ ඔබට රසායනික ද්‍රවය පාවිච්චිය එතරම් සුදුසු නැති නිසා කොහොඹ කොළ තම්බා ගත් වතුර නාන බේසමකට මුසු කර නෑමටත්, සම පිරිසිදු කිරීමටත් යොදාගන්න පුළුවන්. එය ස්වභාවික පිරිසිදුඛාරකයක් ලෙස ක්‍රියා කරනවා.
දෙළුම් කොළ
දෙළුම් කොළ වලට විෂබීජ නසන ගුණයත් සමට සිසිලසත් ලබාදෙන ගුණයත් ඇති නිසා දෙළුම් කොළ තම්බා ගත් ජලයෙන් සම සේදීම ඉතාම ගුණදායක වෙනවා. කැමති නම් දෙළුම් හා කොහොඹ කොළ එකට මුසු කර තම්බාගත් වතුරෙන් නෑම වුනත් ඉතාම හොඳයි.මෙවැනි ප්‍රතිකාර මගින් කුසේ ඉන්න දරුවාටත් සුවයක් දැනෙන අතර කිසිදු අතුරු ඇති වන්නේ නැහැ.  





වටිනා සිංහල බෙහෙත් වට්ටෝරු 50 ක්.සැවොම දැනුවත් කරන්න


වටිනා සිංහල බෙහෙත් වට්ටෝරු 50 ක්.සැවොම දැනුවත් කරන්න


සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට
අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි.
සෙම්ප්‍රතිශ්‍යා උණට
අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල්බටු,දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සහිඳ ලුණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින් බොන්න.(වඩි 3 පමණ)
කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට
තිප්පිලි කළං 1 යි, අමු ඉගුරු කළං 2යි, බැදපු කොත්තමල්ලි කළං 3 යි, වතුර පත 8-4 සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.
සෙම සහිත කැස්සට
අමු ඉගුරු,කටුවැල්,බටු තිප්පිලි,සුවඳ කොට්ටන් කළං 3 බැගින් ගෙන වතුර පත 8-1ට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න.
පපුවේ සෙමට
සරිතේක්කු,අමු ඉගුරු,කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා පත 1/2 බැගින් සූකිරි අනුපානය කොට උදේ සවස වඩි 4 ක් බොන්න.
සෙම් ගෙඬිවලට
I – නිල් කටරොල් මුල්,මුරුංගා පොතු සිවිය,නිකමුල් සමව ගෙන තම්බා මී පැණි දමා උදේ සවස බොන්න.
II – මුරුංගා මුල්,ඇඹුල් දොඬම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න.
III – ගම්මිරිස් කුඬු,දිය ලුණු වතුරට දමා උගුර සෝදන්න. (සෙම්ගෙඬි නිතර සෑදේ නම් හොඳ නැත.භයානක රෝග ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරයෙකු හමුවන්න.
කල්ගිය සෙම්ප්‍රතිශ්‍යාවට
රසකිඳ,කටුවැල් බටු,අමු ඉගුරු,කලාඳුරු අල,සුවඳ කොට්ටං කළං 2 යි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් පමණ බොන්න.
කැස්සට
I – කටුවැල් බටු මුල්,පොල්පලා මුල්,එළබටු මුල් රසකිඳ කළං 2 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ වී පොරි කළං 4 ක් දමා එකට සිඳ උදේ සවස පත 1/2 බැගින් මී පැණි දමා බොන්න.
II – වැල් මී,මුද්දරප්පලම්,තල් සූකිරි සමව ගෙන තම්බා ටික ටික බොන්න.
වේලුම් කැස්සට
ආඞතෝඬා මුල්,රසකිඳ,කටුවැල් බටු කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න.
පීනසයට
අසමෝදගම්,තිප්පිලි,බෙලිමුල්,සිද්ධි ගුරු,බැදපු කොත්තමල්ලි,කුරුඳු පොතු කළං දෙක බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් බොන්න. (වඩි 4 ක් 5 ක් බොන්න.)
ඇදුමට
I – කටුවැල් බටු,සිද්ධි ගුරු,නෙඵම් ඳඩු,කර්කටගසිංගි,කලාඳුරු අල,රසකිඳ කළං 2 බැගින්ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් සීනි අනුපානය කොට උදේ සවස බොන්න. (වඩි 4 ක් 5 ක් )
II – පොල්පලා අස්වැන්න,කටුවැල්බටු,එඩරුමුල්,මිදි මුල්,බෙලි මුල්,ඇත් දෙමට මුල්.තොටිල්ල මුල්,එළබටු මුල්,පළොල් මුල් කළං 1 යි. මදටිය 4 බැගින් ගෙන වතුර පත 8-4 සිඳ වීපොරි කළං 12 ක් දමා පත දෙකට සිඳ තිප්පිලි කුඩු දමා උදේ සවස පත බැගින් වඩි 4 ක් පමණ බොන්න.
මුහුණේ තිත් ලප වලට
කටු ඉඹුල් ගහේ කටු එළ කිරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල්වතුරෙන් මුහුණ සෝදන්න.(සති 2 යි)
මුහුණේ තිත් ලප නැති වීමට
කහ,වෙනිවැල් ගැට ලොන් සුඹුලු,අබ,මනෝසිල සමව ගෙන තැඹිලි වතුරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල් දියෙන් මුණ සෝදන්න.
(ක්‍රීම්,පුයර වර්ග ගෑම තහනම්)
කුරුළෑවලට
I – ලොන් සුඹුලු,වද කහ,කොත්තමල්ලි ඇල්වතුරෙන් අඹරා ගාන්න.
II – නස්නාරං මුල්,මනෝ සීල එක පමණ ගෙන පළමුව එළගොම ඉස්මෙන් අඹරා දෙවනුව ගිතෙලින් අඹරා ගාන්න. (මනෝසීල විෂ ද්‍රව්‍යයකි. කටේ නොගෑවෙන්න ගෑ යුතු බව හොඳින් සලකන්න.) තිත් ලප කුරුලෑ සම්පූර්ණ නැතිවේ.)
මුහුණ සෞම්‍ය වීමට ඉතා ප්‍රත්‍යක්ෂ ඹෘෂධයක්
I – ගම්මිරිස් ඇට 5 යි,ගොරෝචන කළං 1 යි,ඇල් දියෙන් අඹරා දවාලට ගාන්න.
II – (කෙමකි) දිනපතා ආහාර අනුභව කොට,කතා වරක් සෝදා තුන් වරක් මූණේ අත අතුල්වන්න. කිසිදා කුරුළෑ නොඑයි.
කට ගඳ නැතිවීමට
ගස් කරල් හැබෝ පැළෑටි පුඵස්සාගත් අඵ,අඹකොළ ඉස්මට දමා අව්වේ කකාරා වේලා රැගෙන බුලත් සමග උදේ සවස කන්න. මනා සුවඳ හමයි.
කටහඩ මිහිරි වීමට
I – සිද්ධි ගුරු,වදකහ,කොට්ටම්,අරලු,වැල්මී,තිප්පිලි,අසමෝදගම්,සහ ිඳ ලුණු සමානව ගෙන චූර්ණයක් සාදා මී පැණි,ගිතෙල් සමග උදේ සවස වලඳන්න.
වරකට කළං 1/2 යි
II – බැමිතිරිය මුල්,සිද්ධිගුරු,වඳකහ,සහිඳ ලුණු සමව ගෙන කුඩුකර පිරිසිදු මී පැණියෙන් අනා උදේ සවස ටික ටික අනුභව කරන්න.
(මෙම ප්‍රතිකාර දෙකම හඩ මිහිරි වීමට ඉතා ප්‍රත්‍යක්ෂයි)
දත් ඇදෙනවාට සවිවීමට
කටුකරඞු,සමන්පිච්ච කොළ,කරඳ මුලේ පොතු කළං 6 බැගින් ගෙන කයිප්පු,සීනක්කාරං,රත් හඳුන් කළං 3 බැගින් දමා වතුර පත 16 පත 4 ට සිඳුවා දිනකට 3 වරක් වරකට විනාඩි 5 ක් වතුර කටට ගෙන කකාරා කට සෝදා හරින්න.
(දත් රෝග නසා තදින් දත් සවිවේ.)
අකාලයේ දත් සෙලවීමට
කයිප්පු,සහිඳ ලුණු කළං 3 බැගින් ගෙන කුඩුකර තාච්චියකට තල තෙල් තුන්කාලක් දමා එයට කුඩු දමා කාලට සිඳුවා හොඳින් නිවුනු පසුව බෙහෙත් බිදක් කටට ගෙන විනාඩි 5 ක් පමණ කලතමින් සිට කට සෝදා හරින්න.(දිනකට 3 වරයි.දත් සවිවේ.)
දත් කැක්කුමට
සීනක්කාරං පුඵස්සා කුඩුකර බෝතලයක දමා වතුර පුරවා තබාගෙන නිතර සොලවා කට සෝදන්න.
දත් පණුවන් කෑමට
I – තිබ්බටු ගෙඩි තලතෙලින් මලවා කැක්කුම ඇති පැත්තේ දත්වලින් හපා දියලුණු වතුරෙන් කට සෝඳන්න.
II – වියළි ඉගුරු,ගම්මිරිස්,පිලමුල් පොතු,දියලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා දත මුල තබන්න.
දත් සුද්ද කිරීමට
ඉඳුන බිලිං ගෙඩි කිහිපයක් ගෙන කටට දමා හොඳින් සපා විනාඩි 10 ක් පමණ බුරුසුව ගෙන දත් දෙපල මදින්න. දත් සිදුරු ආදිය හොදින් මදින්න.ඉන්පසු ඉවත් කොට තල තෙල් ටිකක් කටට ගෙන විනාඩි තුන හතරක් දත් සිදුරු ඇතුළ ආදියට හොදින් කලතා කට සෝදා හරින්න. මුතුමෙන් බැබළේ.
කණ් කැක්කුමට
I – නික කොළ,සහිඳ ලුණු,සුදු ඵෑණු කොටා මිරිකා හොඳින් පෙරා කණට බිංදු කීපයක් වත් කරන්න.
II – සුදු ඵෑණු,කඹුරු ඇට මඳ,පෙරුන්කායම්,සිරැස්සවාලු සමව ගෙන අඹරා කෙසෙල් කොළයක ඔතා උණු අලුපල්ලේ තම්බා මිරිකා පෙරා කණට බිංදු කීපයක් වත් කරන්න.
කණ පැසවීමට
I – සහිඳ ලුණු,ළපටි කපු ගෙඩි,තලතෙල් සමව ගෙන තලා පෙරා කනට බිංදු කීපයක් වත් කරන්න.
II – දෙමට මුල් පොතු කුඩු,මිරිස්ස මුලේ පොතු,වියළි කහ,මගුල් රඳමුල් පොතු තල තෙලින් අඹරා රත්කර කන ගැටේ ගා ඉස්ම බිංදු කීපයක් කණට වත් කරන්න.
III – අමු කහ,කොහොඹ කොළ කොටා ඉස්ම රත්කර බිංදු කීපයක් කණට වත්කරන්න.
කණේ සතෙක් ගිය විට
දියලුණු බිංදු කීපයක් කණට වත් කරන්න.
ඉස්හොරි
I – දෙහිගෙඩි කීපයක්,පොල් කිරෙන් තම්බා,පොඩිකර හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. දින 3 කින් පසු සුවවේ.
ඉදුනු ඇඹුල් කෙසෙල් ගෙඩි පොඩිකර හිසේ ගා විනාඩි 30 කින් නාන්න. දින 3 කින් සුව වේ.
උකුණන් වඳකර ගැනීමට
I – කොහොඹ මල් අඹරා හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. උකුණෝ වැටෙති
II – අබ,ගොඩපර එකට තම්බා එම වතුරින් හිස සෝදා නාන්න.දින කීපයක් කිරීමෙන් උකුණෝ වඳවෙති.
හිසකෙස් ක්‍රේල්ව දිගුව වැඩෙන්නට
වලස් තෙල් 1/4 කට ඉතා පිරිසිදු තල තෙල් 1/2 ක් දමා හොදින් කළවම් කර දින 3 ක් ගියපසු,දිනපතා හිසගල්වන්න.දීර්ගව කඵපාටට කෙස් වැඩේ.
අකලට සුදුවෙන කෙස් කඵවීමට
කීකිරිදිය කොළ ඉස්ම පත 8 යි. නෙල්ලි ඉස්ම පත 8 යි.හොඳින් කළවම් කර රාත්‍රි මඳ ගින්නේ ගිණි අගුරු වලින් පමණක් රත් කර කකාරා,සතකුප්ප,සුදුහඳුන්,කංකුමප්පු,කොල්ලං කොළ,ජටා මාංශ සමව ගෙන හොඳ ප්‍රසිද්ධ බෙහෙත් කඩයකින් කස්තුරි පොඩ්ඩක් ගෙන (කස්තුරි මිල අධික නිසා පොඩ්ඩක් ගන්න) සමව අඹරා ඉහත බෙහෙත් බඳුනට දමා පදමට සිඳුවා හිස ගල්වන්න. සුදු කෙස් කඵවේ.
හිසේ කෙස් යනවාට
උදේ පමණ ඇල්වතුර නා ඉතා හොඳින් හිස පිරිමැද ඉහත ආකාරයට සුදුවන කෙස් සඳහා වූ තෙල් සාදා ගන්න. (ඉතා වටිනා ඖෂධයකි.)
තද හිස රුදාවට
I – ඉගිනි ඇට,අරඵ,නෙල්ලි,සියඹලා,සුදු හඳුන්,කෝමාරිකා,කුර මුල් මුකුණු වැන්න සමව ගෙන තැඹිළි වතුරෙන් අඹරා නළලේ ආලේප කරන්න.
II – සුදු හඳුන් තන කිරෙන් ගලගා රෙදි කෑල්ලක ගා නළලේ එලන්න.
III – දෙහි ඇඹුලෙන් ඉගුරු ගලගා නළලේ එලන්න.
IV – රතුඵණු විනාකිරෙන් අඹරා නළලට පැලැස්තර එළන්න.
V – කහ කුඩු රෙදි කඩක දමා,පහන් තිරයක් මෙන් සාදා ගිතෙලින් පොගවා දල්වා දුම නාසයට උරන්න.
ඉහත ප්‍රතිකාර කන ගමන් අමු කහ,කොහොඹ කොළ නම්බා උදය කාලයේ හිස සෝදා හොඳින් තෙත සිදුවා සිතෝදක තෛලය නිතර ගාන්න.
ඉරුවාරදයට
I – සුදුඵෑණු,තලඇට,සහිඳ ලුණු මී පැණියෙන් අඹරා නළලේ ගාන්න.
II – අබ,සුදු හඳුන්,අමු ඉගුරු ඇඹුල් දොඩම් යුෂින් අඹරා පැළැස්තරයක් සාදා නළලට එලන්න.
III – සියඹලා කොළ,උඳුපියලිය කොළ,රතුඵෑනු කොටා පොට්ටනි කර වන්ඩුවේ තම්බා නළල තවා(හොඳින් තවන්න)නිශාදි තෛලය හිස ගල්වන්න.
නාසයෙන් ලේ යනවාට
I – ගොටු ඳඞු,අසමෝදගම්,රතුඵෑනු,වළගසාල් සමව ගෙන තම්බා එම වතුරට සීනි දමා උදේ සවස බොන්න.
II – දෙඵම් මල් තලා ඉස්ම බිංදු කීපයක් නහයට දමන්න.
III – කෙසෙල් අල කොටා යුෂ ගෙන හිසේ ගාන්න.
IV – නීල්‍යාදි තෛලය ගෙන හිසේ ගල්වන්න.
නාසයේ මස් ඳඵ වලට
වියළි කෙසෙල් කැන් නැටි,රත් නිටුල්,පල්මානික්කම් සමව ගෙන දවාගත් අඵ දෙහි ඇඹුලෙන් අනා,රෙදිකඩක ගා මස් දඵවේ එලන්න.
නාසයේ වේලුමට
නීල්‍යාදී තෛලය නාසයට උරන්න.හිස ගල්වන්න.
අඵහම් වලට
(පළමුව සැහැල්ලු බඩ විරේකයක් කරන්න.මෙහි බඩේ රෝග සඳහා වන සැහැල්ලු විරේකයක් සුදුසුය.)
I – ඇත්තෝර කොළ යුෂ දෙහි ඇඹුල් කළවම් කර අව්වේ කකාරා ගා පැයකට පසුව නාන්න.
II – ඇත්තෝර කොළ,පේර කොළ,අමු කහ සමව ගෙන කොටා යුෂ ගෙන අවුවේ කකාරා ගා පැයකින් නාන්න.(සතියයි)
පණු කැවිළි දද වලට
I – ඇත්තෝර දඵ,බේත් එඞරු දඵ,කුකුරුමාං දඵ,කොහොඹ දඵ,දෙහි ඇට මද කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා උදේ සවස හොඳින් තවන්න.
II – ඇත්තෝර කොළ,දෙහි ඇට මද,සුදු ඵෑණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා බඳින්න. ගාන්න.
III – ලුනුවිල තැම්බු වතුරෙන් හෝ කොහොඹ දඵ,අමුකහ තැම්බු වතුරෙන් හෝ සෝදන්න.
අල්ලේ පණු කැවළි වලට
I – රත් නෙටොල් කොළ,අමුකහ,දියලුණු එකට දමා කොටා මලවා බඳින්න.
II – සියඵම පණු කැවිලි දද ඇති අය මෙම කසාය වඩි 4 ක් බීමෙන් නිට්ටාවටම සුවවේ.
පණු හොරි වලට
I – නිදිකුම්බා,සමදරා කොළ තම්බා සෝදා හුණු,කපුරු,කහ සමව ගෙන පිරිසිදු තැඹිලි තෙලින් අඹරා ගාන්න.
II – සහිඳ ලුණු,අරඵ,ඊතණ,කෙළිඳ හාල්,තෝර ඇට සමව ගෙන හාල් පාණු දියෙන් අඹරා ගාන්න.
ඉන්නන්ට
I – වලා වැන්න ඉස්ම උණුකර ගාන්න.
II – බුරුල්ල ගෙඩි පොඩිකර ඉන්නන් පිට උලන්න.
III – දියලබු නැට්ට දින කීපයක් ඉන්නාගේ අතුල්ලන්න.ගැලවේ
IV – රතුඵෑණු ගෙඩියක් කපා කැපු පැත්තට හුණු ටිකක් ගා ඉන්නා මතුපිට අතුල්ලන්න.සමේ ගාන්න එපා තුවාල වේ.
කට තොල සුදු කබරවලට

I – ඉරිවේරිය ගස සහමුලින් ගෙන පුච්චා අඵ ටික ඇල් වතුරෙන් අනා කබරවල ගාන්
II – වරා කිරි භාජනයකට ගෙන,වියළි පොත් ගෙඩිවල කිරි හා තලතෙල් ටිකක් සමග කළවම් කරන්න.තද අව්වේ හොඳට සිඳුවා රෑ නින්දට පෙර ගාන්න.
ගතේ සුදු කබරවලට
I – මොණර පිල්,සිවංගුරු සමානව ගෙන ගව මුත්‍රා වලින් අඹරා උදේ සවස සති දෙකක් ගාන්න.
II – දිවි සම පුඵස්සා ගත් අඵ මී තෙලින් අඹරා ගාන්න.
ඇගේ පඵ නැගුන විට කරප්පන්වලට
I – අබ තෙල් ගාන්න.නැතිනම් වාත විදුරංග තෙල් ගාන්න.
II – අමු පොල්කොළ හීනියට ඉරා ගිණි කබලක් මත දමා දුම් අල්ලන්න.
III – උණ දඞු පුඵස්සා ගත් අඵ තේ හැඳි 1 ක් පුරවා වතුර පීරිසි කෝප්පයකට දමා දියකර පෑදුනාට පසුව පෙරා එම ජලය දිනකට තුන්වරක් බොන්න.
IV – දුම්මෑල්ල,කොත්තමල්ලි කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.
(ළමයකුට නම් කළං 3 බැගින් වතුර පත 1/2 සිඳ උදේ සවස දෙන්න.)
බඩේ අඡීර්ණයට
I – අමු ඉගුරු උණු අඵ පල්ලේ දමා තම්බා සහිඳ ලුණු සමව ගෙන අඹරා,තිබ්බොටු ගෙඩියක් තරම් දිනකට තුන් වරක් කෑමට පැය 1/2 පෙර උණු වතුරෙන් බොන්න.
II – පොල් හකුරු,අමු ඉගුරු,මුරුංගා පොතු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා තිබ්බොට ගෙඩියක් තරම් උණු වතුරෙන් කෑමට පැය 1/2 කට පෙර බොන්න.
අඡීර්ණ පිච්චී යාමට
කොත්තමල්ලි,වියළි ඉගුරු,තිප්පිලි සමව ගෙන කබලේ බැද කොටා හලාගෙන කෝපි මෙන් උදේ සවස බොන්න.
කෑම අරුචිය
I – රතුඵෑණු,සුදු ඵෑණු,අමු මිරිස්,දියලුණු,ගම්මිරිස් සුදුසු පරිදි ගෙන කරපිංචා කොළ ටිකක් කබලේ බැද එයට දමා දෙහි ඇඹුලෙන් අඹර බත් සමග කන්න. (ළමුන්ට වුවද දීමට හැකිනම් ඉතා හොඳයි)
II – අමු ඉගරු,සහිඳ ලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා කෑමට පැය භාගයකට කලින් තිබ්බටු ගෙඩියක ප්‍රමාණයක් උණු වතුරෙන් දියකර බොන්න. දිනකට 3 වරයි.
බඩේ දැවිල්ලට
I – රසකිඳ,කොහොඹ පොතු,දුම්මැල්ල තම්බා ගත් වතුර සීනි දමා උදේ සවස බොන්න.
II – ආඩතෝඩා කොළ,නෙල්ලි,බාර්ලි සමව ගෙන තම්බා සීනි දමා උදේ සවස බොන්න.
III – පුහුල් මද ඉස්ම බොන්න.
මෙම කසාය බොන්න
කොත්තමල්ලි,වියළි ඉගුරු,කළාඳුරු අල,බෙලිමුල්,ඉරිවේරිය කළං 2 යි මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පත 1/2 බැගින් උදේ සවස බොන්න.
කිරි පණුගායට
පෙරුම්කායම් කුඩු,වළගසාල් කුඩු කළඳ බැගින් කළවම් කර සුදුඵෑණු ඉස්මෙන් කළඳක් හිස් බඩ අනුභව කරන්න.
ඉන්පසු ගොටු දඞු තැම්බූ වතුර පතක් හිස්බඩ බොන්න.
(පණුවන් වැටේ. ඉතා වටිනා ප්‍රතිකාරයකි.)