Visit Count

page counter

Monday 14 October 2019

ළමා රෝග

ළමා රෝග

බාල රෝග
ප්‍රතිකාර ගැනීමට රෝහල් කරා ගෙන එනු ලබන ළමයිනගෙන් වැඩි දෙනෙකු වළක්වා ගත හැකි රෝග වලින් පෙලෙන බව පෙනේ. මල බුරුල්ව යාම, වමනය, පණුරෝග, මල සමග ලේ සහ හීදං පිටවීම, සෙම්ගෙඩි ඉදීමීම සහ ඇදුම අද බහුලව දක්නට හැකි මෙවැනි රෝග කිහිපයකි.
ළමා රෝග වලක්වා ගැනීමේ දී දරුවාගේ සෞඛ්‍ය, පෝෂණය, ඇදුම් පැලදුම්, පිරිසිදුකම, නිවස සහ අවට පරිසරය, පිළිබදව සැලකිලිමත් විය යුතුය. ළදරුවා පෝෂණය කිරීමේදි මව විසින් පළමු කොටම තම දරුවාට මව් කිරි දීමට වග බලා ගත යුතුය. සියළු කිරි වර්ග අතුරින් මව් කිරි ශ්‍රේෂ්ඨය. සියළුම කිරි වර්ග අතුරින් දරුවා‍ට වඩාත්ම හිතකර වන්නේ මව් කිරිය. එය දිරවීම පහසුය. විෂ බීජ රහිතය. පිටි කිරි දීමේදි මෙන් බෝතල් උණු කිරීමක් ආදිය අවශ්‍ය නොවන නිසා මව්කිරි දීමද පහසුය. මව්කිරි දීමේදි පිටි කිරි දීමේදි මෙන් මුදල් වැය නොවේ. දරුවාට අවශ්‍ය සියළු පෝෂ්‍ය පදාර්ථ මව්කිරි වල අඩංගුය. මව්කිරි බොන දරුවන්ට බෝවෙන රෝග ඇතිවන අවධානම ඉතා අඩුය. දරුවා තුල ස්වභාවයෙන්ම ඇතිවන ප්‍රතිශක්තිය අධිකය. මවගේ ආදරය දරුවාට නොමදව ලැබෙන හෙයින්, එයින් දරුවාගේ මානසික වර්ධනයට විශේෂ බලපෑමක් ඇති කරයි. කුඩා දරුවා අනාගතයේදී රටට වැඩදායක කරුණාවන්ත පුද්ගලයෙකු බවට පත් කීරිමට මෙය බොහෝ විට හේතු වේ.
බාල කාලය ලෙස උපතේ සිට වයස අවුරුදු 16 දක්වා කාලය ගණන් ගත හැක. සාමාන්‍යයෙන් දරුවෙකු වැඩිවිය පැමිණෙන තෙක් කාල 'බාල කාලය' වශයෙන්  සැලකිය හැක. මෙම බාලකාලයේදී දරුවන් විවිධ රෝගාබාධයන්ට ගොදුරුවිමට ඉඩ තිබේ.
බාල කාලය
  1. කිරෙන් පමණක් වැඩෙන කාලය.
  2. කිරි සහ බත් වලින් වැඩෙන කාලය.
  3. ඝන ආහාර වලින් වැඩෙන කාලය ලෙස කොටස් 3කට බෙදිය හැක.
වයස අවුරුද්ද දක්වා කිරෙන් වැඩෙන කාලය ලෙස දක්වා ඇත. එම කාලයේදී හට ගන්නා රෝගයන් ලෙස, පෙකනිය පැසවීම, සෙංගමාලය, රතගාය, මලබද්ධය, මුත්‍රබද්ධය, උල්ලෝගම්, කිරි වමනය, අතීසාරය, බාලග්‍රහ දෝෂ, සහ ඇස් රෝගද විය හැක.
වයස අවුරුදු 1-3 දක්වා කිරි සහ බත්වලින් වැඩෙන කාලයයි. එම කාලය තුළ වලිප්පුව, අජීර්ණ, පණු අමාරු, බොවන රෝග හා වැටීම්, තැලීම් ආදිය බහුලව සිදුවේ. අවුරුදු 3 සිට වැඩිවිය පැමිණෙන තෙක් ඇති තුන්වන කාලයේදී බෝවන රෝග, සෙම්ගෙඩි, ඉදීමීම, ආමවාත, ඇදුම සහ මාන්දම යන රෝග බෝහෝ විට හට ගනී.
පෙකණිය පැසවීම
අලුත උපන් දරුවන්ට ඉතා පහසුවෙන් ඇති විය හැකි රෝගයකි. දරුවා බිහි වීමේදි පෙකණිය කැපු පසු එහි අගල් 2ක් පමණ දිගැති කොටසක් දරුවාගේ පෙකනිය සමග ඉතිරි වේ. දරුවා ඉපදී සතික් තුළ මෙය ගැලවී වැටිය යුතුය. මෙම කාලය තුළ සැරවා ඇති විය හැකි රෝග බීජයක් එතැනට ඇතුළු වීම නිසා එය පැසවීමට පටන් ගනී. ඇතැම් විට කිසිවෙකුටත් නොදැනීම පෙකනිවැල යටින් පැසවයි. මේ නිසා එය වැටෙන තුරු දිනපතා පෙකණිවැල උස්සා එය පෙකණියට සම්බන්ධ වන තැන පවිත්‍ර කළ යුතුය. නැතහොත් පිටගැස්ම ඇති වීමට බෝහෝ විට ඉඩ තිබේ.
  1. පෙකණිය පැසවා ඇත්නම් එයද පිරිසිදු කළ යුතුය.
  2. කුඹල් මැටි කබලේ ලැද මී පැණියෙන් අඹරා ගාන්න.
  3. දරුවාගේ ලේ පිරිසිදු වීමට වැල්මී, ලුනුවිල, රත්මල් මොට්ටු කලං 1 බැගින් ගෙන තලා නටන වතුර මේස හැදි 3ක් දමා තබා නිවා පෙරා ටික ටික පොවන්න.
  4. පෙකණිය වන වීම
    1. දං මල් කබලෙන් බැද තල තෙලෙන් අඹරා පෙකනියට එලනු.                        

ජ්වර

ජ්වර
ජ්වර යනු උණ ගැනීමයි. ශරීරයේ උෂ්නත්වය වැඩි වීමයි. මිනිස් සිරුරේ උණුසුම යම් නියමිත ප්‍රමාණයකට පවත්නා බැව් කවුරුත් දනිති. යම් හේතුවක් නිසා එසේ පැවතිය යුතු උණුසුම් ස්වභාවය වැඩි වීම උණ ගැනීම ලෙස සාමාන්‍යයෙන් ව්‍යවහ‍ාර කරතත්, ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ උණ හෙවත් ජ්වරය යන නාමයෙන් හැදින්වෙන්නේ රෝග ලක්ෂණ කිහිපයක් එකවිට ඇතිවීමය. එනම් දහඩිය නොදැමීම, ඇ‍ෙඟ් උණුසුම් ගතිය සහ සිරුර ගත වේදනා සමුහ ඇතිවීමයි. මේ අනුව වෛද්‍ය ශාස්ත්‍රයේ සඳහන් වන ජ්වර හෙවත් උණ ඇතිවීම තනිකරම සිරුරේ උණුසුම වැඩිවීමම පමණක් නොවේ.
සියළු රෝග අතුරෙන් උණ ප්‍රධාන ලෙස සැලකීම වෛද්‍ය ශාස්ත්‍රයේ නියමයයි. උප්පත්තියේ දීත් මරණයේ දීත් උණ හට ගන්නා බවත්, මෙලොව සියළුම සතුන් උණ නමැති රෝගයට ගොදුරු වන බවත් පෙන්වා දි තිබේ.
ජ්වරය රෝගයක පූර්ව රූපයක්, වෙනත් රෝගයක ලක්ෂනයක්, උපද්‍රව කර අවස්ථාවක්, අරිටු අවස්ථාවක් ලෙස ඇතිවීමක් යන කුමන ආකාරයෙන් හෝ ඇතිවිය හැකිය. සෙම්ප්‍රතිශ්‍යාව, පනු රෝග, අජීර්ණ, සෙංගමාලය, හෘද රෝග, රත රෝග, සන්ධි රෝග, අභිඝාත, ආසාධන ආදී නොයෙකුත් අවස්ථා වලදීත්, මැලේරියාව, බරවා උණ, සන්නිපාත වැනි අවස්ථා වලදීත් උණ හටගන්නා බව කා අතරත් ප්‍රකටය.
මේ හේතුව නිසා ශාස්ත්‍රීයj දැක්වෙන ජ්වර රෝග සංඛ්‍යාව අති මහත්ය. සෑම ජ්වර අවස්ථාවකදීම ඊට හේතු වූ කාරණා සොයා බලා ඖෂධ නියම කිරීම වෛද්‍යවරයා සතු කාරියකි. නමුත් සාමාන්‍ය මහජනයාට ඇතැම් අවස්ථාවලදී මතුවන උණ රෝග සම්බන්ධයෙන් කරුණු වටහා ගැනීම පහසු නොවේ. සෙම්ප්‍රතිශ්‍යාව, අජිර්ණ වැනි ඉතා පහසුවෙන් ඉදිරිපත් කළහැකි හේතුවක් නොමැති විට හටගන්නා උණ සම්බන්ධයෙන් නම් වඩා යහපත් වනුයේ රෝගිය‍ා වෛද්‍යවරයෙකුට පෙන්වීමය. සාමාන්‍යයෙන් දින 03 කට වඩා පවත්නා උණක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු හමුවිය යුතුය.
ත්‍රි දෝෂය හෙවත් වාත, පිත, කඵ, මුල්වීමෙන් හටගන්නා ජ්වර තත්වයන් මෙන්ම විෂම ජ්වර, ධාතුගත  ජ්වර ආදී වශයෙන් විවිධ උණරෝග තිබෙන බව සැලකුව මනාය.

සාමාන්‍ය උණට

  1. උණුසුම් ජල පානය
  2. නෙල්ලි, කොත්තමල්ලි, අරළු, සහිද ලුණු, තිප්පිලි, සම ප්‍රමාණයෙන් ගෙන කුඩුකර එයින් තේ හැදි 2ක් පැහෙන උණු වතුර (උතුරවාගත් වතුර) දමා වත්කර පෙරා බීම.
  3. පැය 8කට වරක් අරත්ත අල, ඉගුරු, කොත්තමල්ලි, තිප්පිලි පෙරසේ සකස් කර බීම.
  4. පත්පාඩගන්, වෙනිවැල්ගැට, දුම්මැල්ල, වියළි ඉගුරු, කොත්තමල්ලි පෙරසේ සකස් කර බීම.
  5. බටු දළු, නික දළු, කිරි අගුණ දළු, ආඩතෝඩ දළු, අමු ඉගුරු, සුදු ළූණු එක පමණ ගෙන කොටා වණ්ඩුවෙන් තම්බා පැහෙන උණු වතුරෙන් මිරිකා පෙරා සීනි, තල තෙල් දමා බීම. පැය 8කට වරක්
  6. බිං කොහොඹ, වැල් කහබිලියා මුල්, ඉගුරු කලං 2 මදට 8 බැගින් වතුර පත 8-1 සිද පෙරා සීනි දමා බීම.
  7. ඉගුරු, ගම්මිරිස්, තිප්පිලි, කොත්තමල්ලි පේයාව බීම.
  8. එළබටු මුල්, කටුවැල් බටු මුල්, පොල්පලා මුල, නෙරෙංචි මුල්, කොත්තමල්ලි, තිප්පිලි පෙයාව බීම.
  9. පත්පාඩගන්, කොත්තමල්ලි තැම්බු වතුර.                                                                                                                                                                                                                                                 ආමවාත ජ්වරය
    ගම්බදව මේ තත්වය ප්‍රමේහ වාත‍ය ලෙස හදුන්වයි. මෙය ශාස්ත්‍රීය නොවේ. දණහිස් ආදී ලොකු සන්ධි ඉදිමී මහත්සේ වේදනා කරවයි. උණ හට ගනී, හෘදයේ රෝග ඇති කරයි. හෘදයේ ගැස්ම දැනීම වැඩිවීම, හෘදය පෙදෙස වේදනා වීම මෙහි මුල් ලකුණකි.
    මෙබදු අවස්ථාවකදී සාමාන්‍ය උණට කියු තැම්බු පේයා වර්ග අත් බෙහෙත් ලෙස යෙදිය හැකි නමුත් වෛද්‍යවරයෙකුට රෝගියා පෙන්වා ආමවාත රෝගයට නිසි පිළියම් ලබා දිය යුතුමය.
    රෝගියාව උණුසුම්ව සහ විවේකව තැබීම අතිශයින් වැදගත්ය. දිරවීම පහසු ද්‍රව ආහාර දිය යුතුය. ඇල්දිය පැවිච්චිය සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතුය                                        බිළිඳු උණ
    ළදරු කාලයේ ප්‍රකෘතියෙන්ම සෙම් බහුල නිසාත්, බල පවත්නා දෝෂය වීම හා මවගේ කිරෙන් පෝෂණය වන නිසාත් සෙම් උණ බහුලව සෑදේ. එයින් සෙම් පැසවන ඖෂධ යොදා දොස් සමනය කළයුතුය.
    1. කොත්තමල්ලි තැම්බූ වතුරට දෙසදුන් කල්කය දියකර දීම.
    2. ඉඟුරු, කොත්තමල්ලි, තම්බා සීනි දමා දීම. සෙම පැසවා ඇත්නම්
    3. පාවට්ටා පංචාංගය, කලාඳුරු අල, වැල්මී, වැල් තිබ්බටු මුල්, කොත්තමල්ලි කෂායට ජීවක කල්කය දියකර දීමත් හිතය. මෙයටද උණ නොබැස්සොත්,
    4. තිප්පිලි, කලාඳුරු අල, වැල්මී, වැල් තිබ්බටු මුල්, සැවැන්දරා මුල්, ඉගුරු කෂායට ජීවක කල්කය දමා දීමත්, ක්ෂිර අජීර්ණ (කිරි අජීර්ණ) ජනිත උණයක් නම්, බෙලිමුල් පොතු, අසමෝදගන්, කලාඳුරු අල, ඉගුරු, කොත්තමල්ලී කෂාය කර මීපැණි දමා දීම යහපත්ය. ක්ෂිර අජීර්ණ මදක් සුව වුවද වරින් වර මල පහ වීම ඇති විට කුඹුරු මුල්, පොල්පලා මුල්, වදකහ කෂාය මී පැණි දමා දීම සිඬ යෝගයක් වශයෙන් සැලකේ.
    ළදරුවාට කෂාය දෙන විට අඩු මාත්‍රාවෙන් දිය යුතු අතර වතුර කෝප්ප 04ක් කෝප්ප භාගෙට සිදුවා කෝප්ප කාල බැගින් ‍ෙදවරට හෝ ඊටත් අඩු  මාත්‍රාවෙන් සතර වාරයකට හෝ දිය යුතුය.
කෂාය
සාමාන්‍ය කෂායක් සාදා ගැනීමේදී කෂායෙහි ඇතුලත් ද්‍රව්‍ය සියල්ල බර ප්‍රමාණය එක් කළ විට කළං 12 ක් විය යුතුය.එයට දැමිය යුතු ජල ප්‍රමාණය පත (අඬුව සහිත කෝප්ප) 8 කි. එය එක පතකට සිදුවා දෙවරකට බීම සිදු කළ යුතුය. ද්‍රව්‍ය අධික සංඛ්‍යාවක් ඇති කෂාය වර්ග කලං 24 ක් වන්ට කිරා පත 16ක් දමා පත 2ට සිදුවා ගනු ලැබේ. එහෙත් මෙයද පානය කළ යුත්තේ පත ½ බැගින් 4 වේලකට ය. කලඳක් සඳහා මදට්ය 20 ක බර අවශ්‍ය ය. කෂාය සකස් කරන විධි 5කි.

ස්වරස කෂාය  (එකෙනෙහි ලබා ගත් අමුද්‍රව්‍ය කොටා මිරිකා ගන්නා යුෂ)

අමුද්‍රව්‍ය නැති විට වියළි ද්‍රව්‍යයට ජලය දෙගුණයක් දමා රැයක් තබා පෙරා ගැනීමටද, වියළි ද්‍රව්‍ය 1ට ජලය 8ක් දමා ¼ සිදුවා ගැනීමද, උණු අලු පල්ලේ දමා මිරිකා පෙරා ගැනීමද, කඩපින්නේ තම්බා මිරිකා ගැනීමද, ද්‍රව්‍ය කුඩු කර පොට්ටනියක් බැද ද්‍රව්‍යයෙහි ගිල්වා තම්බා පෙරා ගැනීමද, ස්වරස ලබා ගත හැකි ක්‍රම වේ.
කුඩා ළමුන් සදහා (වයස අවුරුදු 12 ට පහළ) කෂාය ද්‍රව්‍ය සියල්ල කළං 6ක් වන සේ ගත යුතුය. වතුර දැමිය යුත්තේ කෝප්ප 4ක් (පත 4ක්) වන සේය. සිදවිය යුත්තේ කෝප්ප ½ ටය. මාත්‍රාව වරකට කෝප්ප ¼ කි.

කල්ක කෂාය

අමු හෝ වියළි ද්‍රව්‍ය 4 ගුණයක් හෝ මී පැණි, ගිතෙල් දෙගුණයක් සේ දමා අඹරා ගැනීම.
ක්වාථ කෂාය (ගෘත කෂාය)
ද්‍රව්‍ය කළං 12ක් වතුර කෝප්ප 8ක් දමා 1ට සිදුවා ගැනීම) කිරි කෂායෙහිදි ද්‍රව්‍ය මෙන් 8 ගුණයක් කිරිද, කිරි මෙන් 4 ගුණයක් ජලයද දමා ¼ ට සාදුවා ගත යුතුය. තැඹිලි දිය කෂායෙහිදී ජල ප්‍රමාණයට ඒ වෙනුවට තැඹිලි හෝ කුරුම්බා වතුර දැමිය යුතුය. තැඹිලි ගෙඩියේ ඇස්ස කපා ජලය මැන ඉවත් කර කල්ක කර ගත් ද්‍රව්‍ය දමා වසා රෑ පින්නේ තබා උදේ ගැනීමද මෙහි එක් විධියකි.
වාලු කෂාය කුමයේහි දී  ද්‍රව්‍ය පත 8 -2 ට සිදුවා , ඉක්බිති ගිනියම් කළ වැලි මිටක් ඒ තුළට දමා පෙරා ගැනීම.

හිම කෂාය (ශිත කෂාය)

කුඩු කර ගත් ද්‍රව්‍ය කළං 12ට ජලය පතක් දමා රාත්‍රියක් තබා මිරිකා ‍ෙපරා ගැනීම. ඵාන්ට කෂාය (ඉතා සිනිදුව කුඩු කර ගත් කුඩු කර ගත් ද්‍රව්‍ය කළං 12ට උතුරන ජලය දමා පැය 12ට පසු පෙරා ගැනීම කළ යුතු වේ.

පාණ්ඨ කෂාය

ඖෂධ ද්‍රව්‍ය සිහින්ව කුඩු කරගෙන උතුරන වතුර දමා වසා තබා පෙරා ගැනීම.

තොටිල

දිය සීරාව  ඇති තැන්හි වැවෙන ගස් වෙ‍සෙසෙකි. කොළ දිගින් අඟල් 6 ක් පමණද පළලින් 31/2ක් පමණ ද වෙයි. ඇතුළත කහපාට ලොකු කහ පාට මල් හට ගනී.මලෙහි පිට පැත්ත  හා මොට්ටු දම් පාටින් යුතුයි. දිග කරල් හට ගනී.වා, පිත්, සෙම්, උණ , ආමාවාත , කැස්ස, වමන , අතීසාර සුව කරයි; බඩගිනි වඩයි; මල වියළීම කරයි.පණු රෝග නසයි; ශීතලයි; කසටයි; තිත්තයි.

පළොල්

රත් පළොල් ඵල පළොල් යනුවෙන් දෙ වර්ගයෙකි.කොළ දිගින් අඟල් 7ක් පමණ ද පළලින් අඟල් 4ක් පමණ ද වේ.උෂ්ණයි; බරයි; වමන හික්කා නසයි, සෙම් රෝග වාත රෝග නසයි.ඉදිමුම් නැති  කරයි; ලේ දොස් නසයි; දාහය නැති කරයි. හෘදයට හිතයි.

ඇද්දෙමට

සෑම පළාතෙකම වැවේ. කොළ අඟල් 61/2 ක් පමණ  දිගින් හා අඟල් 5 ½ ක් පමණ පළලින් යුතුයි.කොළ වල පිටි පැත්ත කහපාටින් යුතුයි.තුන් දොස් නසයි, උණ, දාහ, අර්ශස් නැති කරයි.පණු රෝග , ප්‍රමේහ , ඉදිමුම් සුව කරයි.ආම රුජා ,පිපාස නැති කරයි.

බැබිල

හීන් බැබිල , මහ බැබිල ,මහබූ බැබිල , සූළුබූ බැබිල , කොටිකන් බැබිල ,සිරිවැඩි බැබිල, කේසර බැබිල ආදී වශයෙන් වර්ග කිහිපයෙකි.තිත්තයි , බල විර්ය වඩයි, සෙම් රෝග නසයි, විෂ්මජ්වර, ප්‍රමේහ, උණ නසයි, වාතාර්ශස් ගුණ කරයි.

බටු

වා, සෙම්, මේද නසයි; බඩගිනි වඩයි; පණු රෝග නසයි,කැස්ස ,ඇදුම , අරුචි පහ කරයි; හෘදයට හිතයි; කුෂ්ඨ, ග්‍රහණි නසයි.දිරවී‍ෙම් පහසුයි.කටුකයි, තිත්තයි, මුල් ඖෂධ සඳහා ද ගෙඩි  ආහාර සඳහා ද ගනු  ලැබේ.

කටුවැල්බටු

වියළි කලාපයෙහි හොඳින් වැවෙතත්, වැඩි වශයෙන් ඉන්දියාවෙන් ගෙන්වා ඖෂධ සඳහා යොදා ගනු ලැබේ.උෂ්ණයි, කටුකයි, තිත්තයි, උණ,  හෘද රෝග, අරුචි, අජීර්ණ, රුජා නසයි.

අස්වැන්න

සෑම පළාතෙකම වැවෙන අඟලක් පමණ දිගින් හා අඟල් ½ ක් පමණ පළලින් හා යුතු කොළ ඇති ලතා වෙසෙසකි. දම්පාට මල් හා හීන් කරල් හටගනී. ධාතු වඩයි.ප්‍රමේහ ඉදිමුම නසයි. වමන අතීසාර නැති කරයි. උණ සමනය කරයි.

පොල්පළා

වාත නාශක හා විෂ නාෂක ගුණයෙන් යුතුයි. රුචිය ඇති කරයි. බඩගිනි වඩයි. තුවාල සුව කරයි. මුත්‍ර වැඩි කර බැහැර කරන  හෙයින් ශරීරයේ ඉදිමුම නැසීමේ ගුනයෙන්ද යුතු වෙයි.

මිදි

මහ මිදි, හීන් මිදි  යනුවෙන් වර්ග දෙකෙකි.කොළ අඟල් 4ක් පමණ  දිගින් හා අඟල් 2 1/2 ක් පමණ පළලින් යුතුයි. ඉතා කුඩා කහ පාට මල් හට ගනී. පාන්ඩුව හා වාත රෝග නසයි.අජීර්ණ සුව කරයි.බඩගිනි වඩයි.මල බද්දය නැති කරයි. උෂ්ණයි, තිත්තයි, කටුකයි, ඉදිමුම් සඳහා මුලේ පොතු අඹරා ගෑමෙන් ගුණ ලැබේ.

රසකිඳ

වියළි කලාපයෙහි කැලෑබදව ලොකු ගස් වල එතී වැවෙන වැල් වෙසෙසෙකි, රසකිඳ, ගැටකිඳ , දික්කිඳ ආදී වශයෙන් ගැනෙතත්, රස ගුණ ආදීයෙහි වෙනස්කම් ඇතත්, ස‍ියලු වර්ගම ඹෟෂධ වශයෙන් ගනු ලැබේ.

තිත්තයි; කසටයි; ආයු වඩයි; ගිනි වඩයි; තුන් දොස් සමනය කරයි; පාණ්ඩු, ප්‍රමේහ, අජීර්ණ, පණු රෝග කුෂ්ඨ රෝග සුව කරයි.

ඉරිවේරිය

මෙම පැළෑටිය බොහෝදෙනා වරද්දා යොදන බව ඇතැමුන්ගේ මතයයි. එහෙත් වැඩි දෙනා ඖෂධීය වශයෙන් යොදා ගන්නා මෙහි ඇති ගුණයෙහි අඩුවෙක් නොපෙනේ. උණ , අතිසාර , අරුචි, වමන , පිපාස, දාහ සුව කරයි, රත්පිත් හෘද රෝග ආදියට ද ගුණ ලැබේ.

කෙළිඳ

රතු මල් සහ සුදු මල් ඇති වර්ග දෙ‍ෙකකි.බෙ‍ෙහත් සදහා ගත යුතු සුදු මල් ඇති වර්ගයයි. රතු මල් ඇති වර්ගය විෂ සහිතයි.කොළ අඟල් 5-6 ක් පමණ දගින් ද 2 ½ ක් පමණ පළලින් ද යුතුයි. කසටයි, ශිතලයි, බඩගිනි වඩයි, අර්ශස් , අතීසාර , ආමාවාත, කුෂ්ඨ රෝග සුව කරයි.

වෙනිවැල්

ගම්බඳ පළාත්හි වෙනිවැල් බාන්වැල් යනුවෙන් හදුන්වන මෙහි කොළ අඟල් 6 ක් පමණ දිගින් හා අඟල් 5 ක් පමණ පළලින් යුතුය; මල් කහ පැහැයෙන් හා ගෙඩි දුඹුරු පැහැයෙන් යුතු වෙයි.සිහින් කරල් හට ගනී.ධාතු වඩයි; වීර්ය වඩයි; ප්‍රමේහ , ඉදිමුම් නසයි; වමන අතීසාර ගුණ කරයි. අඟල් 5 – 6 ක් පමණ  දිගින් ද 2 ½ ක් පමණ පළලින් ද යුතුයි; කසටයි; ශිතලයි; බඩගිනි වඩයි; අර්ශස් , අතීසාර, ආමාවාත, කුෂ්ඨ රෝග සුව කරයි.

කරාබු නැටි

කටුකයි, රුචි කරයි; සෙම්, පිත්, ලේ දොස් නසයි; රුජා, හික්කා, හෘද රෝග නසයි.කරාබු නැටි වරකට දිය යුතු ප්‍රමාණය කලං ½ කට වැඩි නොවිය යුතුය.

වලඟසාල්

අප රටේ සෑම පළාතෙකම වාගේ වවාගත හැකි මෙම ඖෂධීය පැළෑටීය වර්ග දෙකක් ලෙස ගැනෙතත් ගුණය අතින් වැඩි වෙනෙසක් නොපෙනේ.එහෙත් අප වැඩි වශයෙන් භාවිතයට ගනු ලබන්නේ ඉන්දියාවෙන් ගෙන්වනු ලබන වලඟසාල් මිස අප රටේ වැවෙන වර්ග නොවේ.ඖෂධ වශයෙන් යොදා ගන්නට පළමු වලඟසාල් මඳක් කබලේ බැද ගන්න. වලඟසාල් උෂ්ණයි, අජීර්ණ,අරුවි, පණු රෝග, ප්‍රමේහ රෝග , හෘද රෝග සුව කරයි.

එරඬු

සෑම පළාතකම කලෑබදව වැවෙයි.සුදු රතු වශයෙන් දෙවර්ගයෙකි.මහ එරඬු හීන් එරඬු වශයෙන් ද දෙගොඩකට බෙදේ. කොළ , මුල්සහ ඇට ද , තෙල් ද ඖෂධ වශයෙන් ගැනේ.උෂ්ණයි; කටුකයි; විරේචනයි; හිස රුජා , බඩ පිපුම්, කුෂ්ඨ , ගුල්ම, ප්‍රමේහ,අණ්ඩවෘද්ධි සුව කරයි.

වං ඇපල

මෙය බලවත් ඔසු ගුණ අඩංගු පැළෑටියෙකි.පපුවේ ‍‍රෝගා බාද වලට, කැස්සට, පීනසට ගුණදායකයි. සෙංගමාලය, හෘද රෝග ,උණ නසයි. තිත්තයි, කටුකයි, සීතලයි. පාවට්ටා, අගල්ආධාර , ආඩතෝඩ යනුවෙන් ද මෙම පැළෑටිය හඳුන්වනු ලබයි.

අනෝද

අනෝද කොළ දිගින් අඟල් 3ක් පමණ ද පළලින් අඟල් 2 ½ ක් පමණ ද වේ. මල් කහ පාටින් යුතුයි.උෂ්ණයි, කසටයි , වා , සෙම් නසයි ; ඉදිමුම් රුජා නසයි.